සහරාන් යටතේ අවි පුහුණුව ලැබූ ජමාත් මිල්ලතේ 3 ක් අල්ලයි

zahran-hashim

ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ නායකයාව සිටි මොහොමඞ් සහරාන් යටතේ අවි ආයුධ පුහුණුව ලැබූ ජමාත් මිල්ලතේ ඊබ‍්‍රාහිම් තහනම් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයන් තිදෙනකු අම්පාර පොලිසිය මඟින් ඊයේ (05 දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර අත්අඩංගුවට ගත් මිල්ලතේ ජමාත් සංවිධානයේ අනුරාධපුර සන්නද්ධ අංශයේ නායකයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

සැකකරුවන් තිදෙනා සහරාන් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට ප‍්‍රදේශවලදී අවි පුහුණුව ලබා ඇති අතර සහරාන් පැවැත් වූ අන්තවාදී දේශනවලට ද සහභාගි වී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම සැකකරුවන් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට සම්බන්ධ වූයේ ද යන්න සෙවීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා මොවුන් ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාරදීමට නියමිතය.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

(හේමන්ත රන්දුණු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.