ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිලධාරිනිය පැහැරගැනීම ගැන ප්‍රකාශයක් කළා ද නැද්ද?

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අනුබද්ධිතව සේවය කළ ස්වදේශීය නිලධාරීනියක් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) එම නිලධාරිනියගෙන් සහය ඉල්ලා සිටියේය.

එම නිලධාරිනිය මේ වන තෙක් කටඋත්තර ලබාදීමට කටයුතු කර නොමැති තත්ත්වයක් හමුවේ පැමිණිල්ලක් නොමැතිව ඉදිරි විමර්ශන සිදුකිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද අගමැතිවරයා කීය.

මෙම පැහරගැනීම එකහෙළාම හෙළාදකින බව ද මින් ඉදිරියට මෙවැනි දේවල් සිදුවීමට ඉඩ නොතබන බවද අගමැතිවරයා අවධාරණය කළේය.

අභිනවයෙන් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි අද (29) වැඩ බාරගත් වාසුදේව නානායක්කාර මහතාට සුබ පැතුම් එක්කිරිමට එම අමාත්‍යාංශයට පැමිණි අග්‍රාමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් මෙම අදහස් ඉදිරිපත් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ

තමන් මේ පිළිබඳව වහාම පැමිණිල්ලක් පොලිසිය වෙත කළ බවයි. කෙසේ වෙතත් සෞඛ්‍ය ගැටළුවක් හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට වහාම පොලිසියට කතා කළ නොහැකි බව ස්විට්සර්ලන්ත කාර්යාලය කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.