සාක්කි දෙන්න බැහැ – නීතිපති දප්පුල

dappula

නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (26) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියේය. කෙසේ නමුත් ඔහු සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර ඊට අදාලව පැහැදිලි කිරීමක් සිදුකර පිටව ගිය බවයි වාර්තා වන්නේ.

නීතිපතිවරයා ලෙස තමන් මෙම කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම ළබැඳියාවන් සම්බන්ධ ගැටලුවක් වියහැකි බවයි ඔහු ප්‍රකාශ කළේ. මෙම තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ද නියෝජනය කරන ආණ්ඩුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වන අධිකරණ කටයුතුවලදී තම සේවාදායකයෙකු වීම හේතුවෙන් තමා සාක්ෂි ලබාදීම ගැටලුවක් වියහැකි බව ඔහු කියා සිටියේය.

නීතිපතිවරයාගේ පැහැදිලි කිරීම පාර්ලිමේන්තු කාරක සභාව පිළිගත් බවක් පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා වෙනත් නිළධාරීන් කිහිප දෙනෙකුට අවස්ථාව ලබාදෙන ලෙස ඔහු තේරීම් කාරක සභාවෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා අවස්ථාව ලැබිණි. ඒ අනුව නීතිපතිවරයා නියෝජනය කරමින් එම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කිහිප දෙනෙකු සාක්ෂි ලබා දුන්නේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.