
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්රියාන්විතයේ කොටසක් ලෙසින් දකුණු සුඩානය බෝර් පළාතේ සේවය කිරීම සඳහා ශ්රී ලංකා හමුදාවේ සෙබළුන් හැට එක් දෙනෙක් සහ නිලධාරීන් එකොළොස් දෙනෙක් පිටත්ව ගොස් ඇත.
මේ පිරිසේ නායකත්වය දරන්නේ ලුතිනන් රොහාන් ප්රනාන්දුය මේ අතරවාරයේ සුඩානය රාජකාරිය හමාර කළ හමුදා භට පිරිසක්ද දිවයිනට පැමිණීමට නියමිතය.
සාමසාධක හමුදා ක්රියාන්විත වලින් යොදන සියලුම සෙබළුන් හට මානව හිමිකම් කොමිසමේ අනුමැතිය ලැබිය යුතුය. ප්රමාදයන් සිදුවන විට ඒ ඒවා වළක්වා ගත යුතු බව පසුගියදා ජනාධිපතිවරයා විසින් මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වූ ආචාර්ය දීපිකා උඩගම වෙත දන්වන ලදී. මානව හිමිකම් චෝදනා ඇති හමුදා භටයින්ට මේ ක්රියාන්විත වලට සහභාගිවීමට අවස්ථාවක් නැත.