සිතුල්පව්වේ නන්දිමිත්‍රට මාරුවක් ලැබේවිද?

කතරගම යාල වනෝද්‍යානය තුළ පිහිටා ඇති සිතුල්පවුව රජමහා විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ට හිරිහැර වන හෙයින් ඒ අසල වෙසෙන නන්දිමිත‍්‍ර නම් ඇතා එතැනින් ඉවත් කිරීමට බලධාරීහු කල්පනා කරමින් සිටින අතර ඒ පිළිබඳව විරෝධයක් මතුවෙමින් පවතී.

. යාල ජාතික වනෝද්‍යානයට ආඩම්බරයක් ගෙනෙමින් දශක තුනකට ආසන්න කාලයක් මෙම ප‍්‍රදේශයේ ජීවත් වූ මෙම ඇත් රජා සංචාරකයන්ගේද දැඩි ආකර්ෂණය දිනාගැනීමට සමත් වූ සත්වයෙකි. මෙතෙක් නිදහසේ ඇවිද යමින් කා බී ජීවත් වූ මෙම ඇත් රජා අල්ලාගෙන ගොස් හොරොව්පතාන වන අලි සිර කඳවුරට දැමීමට පියවර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව වනජීවී ලෝලීන් පවසති.

, දක්ෂිණ ලංකාවේ උප ප‍්‍රධාන සංඝනායක, ශාස්ත‍්‍රපති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන් පවසන්නේ

” පිටතින් ඉඳන් බලන කෙනෙකුට මේ ගැටලූව පේන්නේ නෑ. සිතුල්පවුව රජමහා විහාරයට බැතිමතුන් යන එන පාරේ නිතරම රැඳී සිටින මෙම නන්දිමිත‍්‍ර නමැති ඇතා බැතිමතුන් පැමිණෙන වාහන වලට දැඩි ලෙස එළවා එළවා පහර දෙනවා. මේ හේතුව නිසාම සිතුල්පවුව පුදබිමට පැමිණෙන බැතිමතුන් මේ වන විට දැඩි ලෙස භීතියට පත් වෙලා ඉන්නවා. මේ වන විට මේ ඇතාගෙන් සිදුව ඇති විනාශය සුළුපටු නෑ.ගෙවුණු වසර කීපය තුළදී පමණක් විහාරස්ථානයට දාන මාන කටයුතු හා වන්දනාමාන කටයුතු සඳහා පැමිණි බැතිමතුන්ගේ වාහන 360 කට විතර පහරදී අලාභහානි කරලා තියෙනවා.”

සිතුල්පවුව විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් ඒ. එච්. යූ. දිනකැළුම් මහතා මෙසේ පැවසීය.

. පසුගිය දවසක වන්දනාවේ පැමිණි වාහනයක් හරස් කරලා නන්දිමිත‍්‍ර ඇතා පහර දීලා. වාහනයේ ගමන්ගත් කිහිප දෙනකු භීතියට පත් වෙලා වාහනයෙන් බැහැලා දුවලා ගිහින් පාරේ බෝක්කුවක් යට හැංගිලා. ඒක ඊට එහා භයානක දෙයක්. මොකද මාර්ගය දෙපස තියෙන බෝක්කු යට දිවියන් හා වලසුන් සැඟව සිටීමේ අවස්ථාව වැඩියි. පසුගිය කාලේ අපි සිදුකළ දැනුම් දීමට ප‍්‍රතිචාර ලෙස පසුගිය රජය සමයේ සිදුකළේ ඇතා ඉවත් කරනවා වෙනුවට ඇතාගේ බෙල්ලට කොලර් එකක් දමපු එක විතරයි. නමුත් ඒක වැඩක් වුණේ නෑ.’

හොඳම විකල්පය තමයි ඇතාටත් හානියක් නොවී මිනිසුන්ටත් හානියක් නොවන විසඳුමකට යාම. ඒ සඳහා කරන්න තියෙන්නේ මෙම ඇතා ආරක්ෂිත තැනකට ගෙනහින් දැමීමයි. දෝෂාරෝපණය කරන අයට මේකේ තියෙන බරපතළකම තේරෙන්නේ නෑ. ඔය විදියට බැලූවම ගම්මාවල ඉඳන් මිනී මරණ මිනිසුන්ගේ දේපළ විනාශ කරන අලි ඇතුන් පවා ආරක්ෂිත තැනකට ගෙනයෑම වරදක් විදියට මේ අය ඉදිරියේදී දකින්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.