සිය දහස් වාරයක් මට ඔබ එපා – රංජන්

Ranjan Ramanayake

මහාපරිමාණ වංචා දූෂණවලට සම්බන්ධවූවන්ට එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා ලබාදීමට නියමිත පසුබිමක තමන්ට නාමයෝජනා ලබා නොදෙන හේතුව වටහා ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඊයේ (05) පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. මන්ත්‍රීවරුන්ට ලැබෙන රුපියල්ර ලක්ෂයේ දීමනාව ලබානොගත්, තවමත් පුංචි මන්ත්‍රී නිවාසය වෙසෙන, තමා වැනි අහිංසකයකුට නාමයෝජනා ලබා නොදෙන්නේ නම් හොරුන්ට තක්කඩින්ට නාමයෝජනා ලබා දෙනවාද කියා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

මන්ත්‍රීවරයා පවසා සිටියේ, තමා පක්ෂය වෙනුවෙන් කථා කර නඩු 30ක් පමණ දා ගත් බවයි. තමාව එලවන තැනක සිටින නොහැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසු අතර, “එක් වරක් මාව එපා නම් – සිය දහස් වාරයක් මට ඔබ එපා “ යනුවෙන් ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.