
ශ්‍රී පාදය වන්දනාකිරීම උඳුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ වූ අතර මේ වෙනුවට බැතිමතුන් විශාල පිරිසක් සිරිපා අඩවිය කරා ඇදෙමින් සිටින අතර පළාතේ පරිසරය ආරක්ෂා කරගනිමින් සමාන කරන ලෙස ශ්‍රී පසු ශ්‍රී පාදස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
පසුගිය සිරිපා වන්දනා වාරය නිමවීමෙන් පසු පැල්මඬුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කැර තිබූ ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සධාතුක කරඬුව හා දේවාභරණ ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහරින් ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවීම පසුගියදා සිදු කෙරුණ.
උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය වෙසක් පුන් පොහෝ දිනයෙන් නිමාවට පත්වීමට නියමිතය.
ශ්‍රී පාදස්ථානයට ළඟා වීමට මාර්ග සය (06) කි.
රත්නපුර- පලබැද්දල මාර්ගය
හැටන්- නල්ලතන්නි මාර්ගය
කුරුවිට- එරත්න මාර්ගය
මුරේවත්ත මාර්ගය
මූකුවත්ත මාර්ගය
මාලිම්බොඩ මාර්ගය
ඒ අතර වේ.
මෙයින් මුරේවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ මාර්ග භාවිතා කරන්නේ නැති තරම් ය. කුරුවිට- එරත්න මාර්ගය ඉඳහිට භාවිතා කරනු දැකිය හැකි වුවත් බොහෝ බැතිමතුන් භාවිතා කරන්නේ රත්නපුර- පලබැද්දල මාර්ගය සහ හැටන්- නල්ලතන්නි මාර්ගය යි. මෙයිනුත් හැටන්- නල්ලතන්නි මාර්ගය අධික බෑවුම් සහිත වුවත්, එය අන් මාර්ග වලට වඩා කෙටිය. එම මාර්ගයෙන් යන විට මුළු දුර වන්නේ කිලෝ මිටර් 5ක් පමණි.
හොඳින් හිරු එළිය
ශ්‍රී පාද කරුණා සමය ආරම්භ වන්නේ වසරේ අග, එනම් දෙසැම්බර් මාසයේ වන අතර ඊළඟ වසරේ මැයි මස වන විට වන්දනා සමය අවසන් වෙයි. වසරේ අනෙක් මාස වලදී ශ්‍රී පාද ගමන දුෂ්කරය. ඒ තද වර්ෂාව, දැඩි සුළං සහ මීදුම් සහිත කාලගුණය නිසයි. සිරිපා කරුණා කිරීමට සුදුසුම කාලය වන්නේ අප්‍රේල් මාසයයි. කඳු මුදුනට හොඳින් හිරු එළිය වැටෙන්නේ මේ කාලයේ වන අතර ඉර සේවාව හොඳින් දැකබලා ගැනීමට ඉන් මඟ පෑදේ
සියලුම ආගමිකයන්ගේ වැඳුම් පිදුම්
සමනල කන්ද, එසේත් නොමැති නම් ශ්‍රී පාදය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ ලෝ ප්‍රකට සිද්ධස්ථානයකි. මීටර් 2,243 ක් (අඩි 7,359) ක් උස්වූ මේ කඳු පන්තිය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේයි. ලංකාවේ ජීවත් වන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, සහ කතෝලික යන සියලුම ආගමිකයන් වන්දනාමාන කරන මෙහි ඇති සිරි පතුල කාගේද යන්න පිළිබඳව අදටත් ඇත්තේ ගැටලුවකි. බෞද්ධයන් එය බුදුන්ගේ බව ද, හින්දුන් එය ශිව දෙවියන්ගේ බව ද, ඉස්ලාමිකයන් සහ කතෝලිකයන් එය ආදම්ගේ හෝ ශාන්ත තෝමස් ගේ බව ද විශ්වාස කරති. කෙසේ වුවත් ශ්‍රී පාදය ශ්‍රී ලංකාවේ සියලුම ආගමිකයන්ගේ වැඳුම් පිදුම් ලබන පුජ්‍ය ස්ථානයක් වේ.