සිල් රෙදි බෙදු ලලිත් හා අනුෂට වැඩ වරදී

lalith-anushaපසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(7) තීරණය කළේය.

ඔවුන් සියළු චෝදනා වලට වැරදි කරුවන් වී ඇත. ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කරන දඬුවම් සම්බන්ධයෙන් තවත් සුළු මොහොතකින් තීරණයක් දීමට නියමිතය. මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වා නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ පැවරූ ප්‍රථම නඩුව මෙය වේ.

2014 ඔක්තෝබර් 30 හා 2015 ජනවාරි 15 අතර කාලයේදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක්ව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් විදුලි සන්දේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල්රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම් නමින් වූ ගිණුමකට ප්‍රේෂණය කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් විත්තිකරුවන් සිදුකර ඇති ‍බවට නීතිපතිවරයා චෝදනා නගා සිටියේය.

එම චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, හිටපු ජනපති සම්බන්ධිකරණ ලේකම් (ආගමික කටයුතු) වටිනාපහ සෝමානන්ද හිමියන් ඇතුළු සාක්කිකරුවන් විස්සකට වැඩි පිරිසකගේ සාක්කි මෙහෙයවන ලදී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.