සුගන්ධිකා උත්තර දෙන්න සුදානම්

sugandhika fernandoනීති ක්ෂේත්‍රයේ සහ පොලිස් නිලධාරීන් විසින් කළ බව කියන දුෂණ වංචා ගැන කතාකළ නීතිඥ සුගන්දිකා ප්‍රනාන්දු මහත්මියට එම කරුණු සනාථ කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කිරීමට සුදානම් බව වාර්තාවේ.

සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙතට මේ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස දන්වා ලිපියක් යවා ඇතැයි එම සංගමයේ සභාපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා ඊයේ (01) ශ්‍රී ලංකා නීතීඥ සංගම් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.
සාක්ෂි තිබුනත් නීතිඥ සුගන්දිකා ප්‍රනාන්දු නීතිඥ සංගමය වෙත එම සාක්ෂි ඉදිරිපත් කළ යුතුද යන ප්‍රශ්නය මතුවේ.

නීති ක්ෂේත්‍රෙයේ සිදුවනවා යැයි කියන අකටයුතුකම් සම්බන්ධයෙන් ඇය විසින් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ කළ කරුණු කිසිවක් මෙතෙක් නීතිඥ සංගමයට දැනුම්දී හෝ පැමිණිලි කර නොමැති බවද ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති එහිදී වැඩිදුරටත් කීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස තම අත්සනින් යුතුව ඉකුත් 26 වැනිදා මෙම ලිපිය යොමුකළ බවත් එමගින් දැන්වූ පරිදි අදාළ සාක්ෂි ලැබීමෙන් පසුව ඒ පිළිබඳ සොයාබලන බවත් ඒ අනුව යම් පුද්ගලයකු වැරදිකරුවකු වේ නම් තරාතිරම නොබලා කටයුතු කරන බවත් නීතිඥ සංගමය එම ලිපියෙන් ඇයට දන්වා යැවූ බවද නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.