සුදු සඳ එළිය මලානිකය – ඉන්ද්‍රාණි නික්ම ගොසිනි

තවත් ස්වර්න ස්වරයක් නිහඬ වී ඇත. දශක හතකටත් වැඩි කාලයක් ශ්‍රාවක සවන පිරවුම් ඉන්ද්‍රානි විජේබණ්ඩාර දිවි ගමනේ හමාර ලකුණු තැබුවේය අසූ තු තුන්වෙනි වියේදීය. කොළඹ ජාතික රෝහලේ දී දැන් ඉතින් ඇති යැයි කිව් මේ කෝකිලාවිය අපෙන් වෙන්වූයේ අතීත සැමරුම් රැසක් ඉතිරි කරමිනි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ එවකට ප්‍රචාරය වු කරුණාරත්න අබේසේකරයන් මෙහෙයවූ සරස්වතී මණ්ඩපය ඇගේ මුල් පියවර විය.

සුදු සඳ එළියේ නළමත පොපියන

හිරිමල් කැකුලක රොන් කෙමියේ

මුලු මල් වන ලොවැ ඉරණම සැතැපේ

කුළු ගැන්වෙන තුරු හිමිදිරියේ…. මේ ගීතය ඇයව බොහෝ දුර ගෙන යෑමට සමත් විය

ඇය ගැයු ගීත අතර රතුපාට මල් , වෙසක් කැකුළු අතුඅග හිඳ නටන විලාසේ, ආදරෙයි මම ආදරෙයි, ගයා ගීතයන්,, හදපානේ මල් පිපුණා, හොඳ හොඳ ළමයින් අපි වාගේ, ඈත අහසේ යන ගීත අපේ හදවත් ස්පර්ශ කරන්නේ ළයාන්විත ලෙසිනි’ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ඉන්ද්‍රානි සේනාරත්න වුයේ සිසිර සේනාරත්නයන් ගේ අත ගැනීමෙන් අනතුරුව ය.

ඉන්ද්‍රානි සිසිර සේනාරත්නයන් හා ගනුදෙනු කළ මුල්ම මොහොත මතක් කරන්නේ මෙලෙසිනි

පොඩිපුතා චිත්‍රපටයෙන් ගායන ලොවට පිවිසි නවක ගායකයා වූ සිසිර සේනාරත්න සමඟ එයාර් සිලෝන් ගුවන් යානයකින් මදුරාසිය බලා පිටත් වූ මොහොත අදත් මැවී පෙනෙයි. මගේ පළමු ගුවන් ගමනද එයයි. ගමන අරඹා මඳ වෙලාවකට පසු ගුවන් යානයේ සිටි හැම මගියෙකුටම කාඩ් පතක්‌ ලැබිණි. මෙය පිරවීමට මගේ දැනුම මඳ නිසා අසල සිටි සිසිර සේනාරත්නගේ සහාය පැතීමි. නිහතමානීව ඔහු එය ඉටුකර දුන්නේය.

මේ මුල්ම හමුවීමෙන් අනතුරුව සිසිර හා ඉන්ද්‍රානි අතර සංසාරගත බැඳීමක් ඇතිවිය. මුලින්ම සිසිර නික්ම ගියේය. දැන් ඉන්ද්‍රානි ද නික්ම ගොසිනි. එහෙත් ඔහු නික්ම ගියේ නිකම්ම නොවේ ය. අපි ජීවිතය රසවත් කිරීම සඳහා ඔවුන් තම දිවිය කැප කළහ. ඒ කැපවීම ලාංකීය රසික සහෘදයින් සදා සමරනු ඇත.

ඉන්ද්‍රානි ඔබට සුබ ගමන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.