සුමන්තිරන් ගෝඨාභය රාජපක්ෂට සුහදයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුළු ජාතීන්ගේ ඡන්දය නොලැබුණද ජනාධිපතිවරයා සමග කටයුතු කිරිමට සූදානම් බව දෙමල ජාතික සන්ධානය පවසයි.
එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රිවරයා පවසන්නේ දෙමළ ජනතාව තම පක්ෂයට ලබාදී ඇති ජනවරම මත වත්මන ජනාධිපතිවරයා සමඟ සුහදව කටයුතු කිරිමට තම පක්ෂය සූදානම් බවයි.
යාපනය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව පැවසීය. උතුර පළාත සඳහා නව ආණ්ඩුකාරවරයෙක් පත් කිරීමට නියමිතව ඇත.
උතුරේ ජනතාවගේ හදගැස්මට සංවේදී සහ ඔවුන්ට පිළිගත හැකි ආණ්ඩුකාරවරයෙක් පත්වුවහොත් දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබා ගැනීම වඩාත් පහසු වනු ඇත.