සුවය අරන් ගම් වදින ‘යකඩ යකා’

trainඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ඉතා දුෂ්කර ගමක් වන ජලෝර් හි ජීවත්වන වයස අවුරුදු 41 ක් වූ දේවි නූගත් කම්කරු කාන්තාවකි. මාසයක පමණ පටන් ඇය කන් ඇසීමේ දුර්වලතාවයකින් පෙළුණාය. කන් නොඇසීම නිසා සිය දිවි නසා ගැනීමට තරම් ඇයට සිත්විය. ඇය තමන්ගේ අසනීපයට ප්‍රතිකාර ගැනීමට ගම ආසන්නයේ ඇති රජයේ රෝහලකට යන්නේ බොහෝ බලාපොරොත්තු දල්වාගෙනය. නමුත් ඇයට රෝහලෙන් ලැබුණු උපදේශය එතරම් සතුටුදායක එකක් නොවිණි. ඇගේ මැද කණෙහි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරයා පැවසීය. ඇයට එම ශල්‍යකර්මය කර ගැනීමට එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු නැත. ඒ සඳහා ඇය ඊළඟ ප්‍රාන්තය වන ගුජරාට් ප්‍රාන්තයේ පුද්ගලික රෝහලකට යා යුතුය. ශල්‍ය කර්මය නොමිලේ කළ නොහැකිය. ඒ සඳහා ඉන්දියානු රුපියල් 50,000 ක් වැයවේ. ඇයට රුපියල් පනස්දාහක් තබා රුපියල් පන්දාහක්වත් සොයා ගැනීමට නොහැකියි.

මේ අතර ඇයට පිහිටට එන්නේ ලයිෆ්ලයින් එක්ස්ප්‍රස් දුම්රියයි. ඒ අප්‍රේල් මාසයේ මුල සතියේය. ඇගේ ගමට මේ දුම්රිය පැමිණීම ආශ්චර්යක් බදු එකකි. මෙම නිකම්ම දුම්රියක් නොවේ. මැදිරි හතකින් යුතු මෙම දුම්රිය ඉන්දියාව පුරා වසර 27 ක් තිස්සේ ගමන් කරනු ලබන ජංගම රෝහලකි. මෙම ජංගම දුම්රිය දේවි වැනි දුෂ්කර පළාත්වල ජීවත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රට පුරා යන යකඩ යකෙකි.

1991 ආරම්භ කරන ලද මෙම රෝහල් යකඩ යකා මේ වන විට මිලියන 1.2 ක ඉන්දියානු ජනතාවකට සේවය සපයා ඇත. විසින් ක්‍රියාත්මක කර ඇති මෙම ජංගම දුම්රිය ස්වේච්ඡාවෙන් වැඩ කරන විසි දෙනෙකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සේවය කරන අපූරු ආරෝග්‍ය ශාලාවකි. මෙහි සේවය කරන අනිකුත් වෛද්‍යවරු දුම්රිය නවතා ඇති ස්ථානයට ආසන්නයේ පදිංචිව සිටින වෛද්‍ය සිසුන් සහ වෛද්‍යවරුන් වේ. ඔවුන් ස්වෙච්ඡාවෙන් තම සේවය මේ අහිංසක ජනතාවගේ හිත සුව පිණිස යොදවයි. මාසයක් පමණ එක් දිස්ත්‍රික්කයක ගමන් කරන මෙම ජංගම සුව මැදුර ඇසේ සුද ඉවත්කිරීම, පිලිකා ප්‍රතිකාර, අස්ථි සම්බන්ධ ප්‍රතිකාර ඇතුළු බොහෝ රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර සිදුකෙරේ.

අපි මහජන වෛද්‍ය සේවාවට අභියෝගයක් නොවෙයි. අප කරන්නේ ඒ අයට සහාය දීමක් පමණයි. මොකද අපි ළඟ මෙවැනි ජංගම දුම්රිය සිය ගාණක් රට තුළ නෑ. මීළඟ දුම්රිය ඊළඟ මාස 6 ඇතුළත ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා ‘ මෙසේ පවසන්නේ මෙම වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය රාජ්නිෂ් ගෞර්හ් මහතාය.

මේ අතර ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මිලියන 500 ක් පමණ ඉන්දියානු ජනතාවගේ සුව පිණිස සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමයක් හදුන්වා දුන් අතර එයින් මහජන සෞඛ්‍ය පහසුකම් එතරම් වර්ධනයක් වී නොමැති බව විචාරකයින් පෙන්වා දෙයි.

රොයිටර් ඇසුරිණි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.