සෙන්දිල් ට දෙමළ පාසලේදී විරෝධය

sendil-thondamanදණ ගැස්සවූ විදුහල්පතිතුමිය නියෝජනය වන ද්‍රවිඩ මාධ්‍ය අධ්‍යාපන ඇමතිකම ඌව පළාත් ඇමති සෙන්දිල් තොන්ඩමන් මහතාට පවරා තිබේ.

සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයා මහ ඇමතිවරයාට පක්ෂපාතී අයෙකු වන අතර පෙරේදා (23) මහ ඇමතිවරයා වෙනුවෙන් වතුකරයට බස් යවා මත්පැන්, බත් ආදිය ලබාදී ජනතාව වැඩිම පිරිස ගෙන්වා මහ ඇමතිවරයාට පක්ෂපාතීව කටයුතු කළේ මෙම සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයාය. එසේම සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයා 22 වනදා  ඌව පළාතේ ද්‍රවිඩ මාධ්‍යවේදීන් අමාත්‍යාංශයට කැඳවා විදුහල්පති තුමිය දණ ගැස්සවූ සිද්ධිය වාර්තා නොකරණ ලෙසත් එසේ වාර්තා කිරීම මෙම මැතිවරණයේදී මෛත්‍රී පාර්ශවයට විශාල හානියක් බවත් පවසා මාධ්‍යවේදීන් සඳහා මූල්‍යමය තිළින ලබා දී ඇත.

වතුකරයේ ඡන්ද පදනම ගොඩගැනීම සඳහා ජනපති මෛත්‍රීගේ උපදෙස් මත ප්‍රධාන අමාත්‍යවරයා සතුව තිබූ අධ්‍යාපන විශයෙන් ද්‍රවිඩ අධ්‍යාපන කොටස සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයා වෙත ඊයේ (24) දින ආණ්ඩුකාරවරයා විසින් පවරා දෙන ලදී.

අද දින ඌව පළාතේ සියළු ගුරුසංගම් මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා හමු වී තම විරෝධය ප්‍රකාශ කොට ඇත. පළාතේ මුස්ලිම් හා සිංහල අධ්‍යාපනය ආණ්ඩුකාරවරයා අත තබාගනිමින් අධ්‍යාපනය කැබලි කොට ඇමතිකම් පැවරීම තුළ කුමන්ත්‍රණයක් දියත්වන බවත් එය අධ්‍යාපනයට හානි කර බවත් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධයත් ඔවුන් ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් අද දින ඇමති ධුරයේ දිවුරුම් දුන් සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයා පළමු කාර්යය ලෙස බදුල්ල දෙමළ බාලිකා විදුහලට පැමිණ ඇත.

මහ ඇමතිවරයාට පක්ෂපාතී

එහිදී ගුරුවරුන්ගේ දැඩි විරෝධයට මුහුණදීමට අමාත්‍යවරයාට සිදුවී තිබේ. විදුහල්පති තුමිය දණ ගැස්සවූ සිද්ධියට සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයා කිසිඳු විරෝධයක් නොපෑ බවත් මහ ඇමතිවරයාට පක්ෂපාතීව කටයුතු කළ බවත් සිද්ධිය වසන් කිරීමට උත්සාහ ගත් බවත් දැන් දෙමළ අධ්‍යාපනය බාර ගැනීම කපටි කෛරාටික කුමන්ත්‍රණයක පියවරක් බවත් දැඩි ලෙස ගුරුවරියන්ගේ විරෝධයට හා වාග් ප්‍රහාරයට අමාත්‍යවරයා ලක්ව ඇත.

අමාත්‍යවරයාට කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අසරණව සිටියදී ඔවුන් සමගම පැමිණි අයෙක් මැතිවරණ කාර්යාලයට රහසිගතව දුරකථන ඇමතුමක් දී මැතිවරණ නිලධාරීන් කැඳවා දේශපාලන රැස්වීමක් පැවැත්වීමට අවසර ලබාදීමට නොහැකි බව පවසවා ගනිමින් ඇමතිවරයා පල්ලම් බැස ගොස් ඇත.

පාසලේ ගුරුවරුන්ගේ හා දෙමව්පියන්ගේ දැඩි විරෝධය හමුවේ අමාත්‍යවරයා ඉවත්ව ගිය බව වැඩිදුරටත් වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.