සොයිසාපුර ප්‍රහාරය පොලිසියට තීරණාත්මක අභියෝගයක්

Shoot dead

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ‍ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 29 වන දා අළුයම සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ‍වැගන් ආර් කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ස්වයංක්‍රීය ගිනි අවිවලින් එම හෝටලයේ වීදුරුවලට වෙඩි තබා තිබිණි.

පසුව ඔවුන් පලා ගොස් තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ නිලධාරින් විසින් පෙරේදා (30) රාත්‍රී 8 ට පමණ එලුවිල, පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ‍ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

නාගරික මන්ත්‍රීවරයාට වෙඩි තැබීම

මෙම අත්අඩංගුවට ගත් සැකකරු 2018.05.24 වන දින දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන අතර, ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකු වන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වු සමුද්‍රාසන්න පාර, අඟුලාන, මොරටුව යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු බාරයේ තිබී ජංගම දුරකථනයක් හා සිම් කාඩ්පතක් පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරු ඊයේ (31) ගල්කිස්ස ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පාතාල කණ්ඩායමක විසින් විදේශයක සිත මෙහෙයවන ප්‍රහාරය පොලිසියට සෘජු අභියෝගයක් බවට පත්ව ඇත.

පාතාල කණ්ඩායමේ සාමාජිකයෙක් හෝටල් අයිතිකරුට පවසා ඇත්තේ මගේ නම් පොලිසිය සමග ප්‍රශ්න විසඳා ගන්නා ලෙසයි. හෝටලයට ප්‍රහාරයක් එල්ල කොට විවෘත කිරීමට රුපියල් කෝටියක කප්පමක් පාතාල කණ්ඩායම් විසින් ඉල්ලා ඇත.

පොලිස් වැඩ තහනමක්

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවය.

වෙඩි තැබූ සැකකරුවන් පලා යාන අවස්ථාවේ දී කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත එම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.