හම්බන්තොට පහරදීම ගැන නාමල්ගෙන් සද්දයක්

namal rajapaksha

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ හම්බන්තොට, සුරියවැව ක්‍රීඩාංගනයේදී පැවති දෙවන එක්දින තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට පොලිසිය හා ආරක්ෂක අංශ විසින් පහරදීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයක් එල්ලවී ඇත.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙහි වසර කිහිපයක් තිස්සේ කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැති අතර, වසර හතරකට පසු පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (26) එම ක්‍රීඩාංගනයේ දී පවත්වන ලදී. මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා 35000 කට ආසන්න ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ සිටියේය.

සේවකයින්ගේ හිඟකම හේතුවෙන් ප්‍රවේශ පත් නිකුත් කිරිම සඳහා විවෘත කර තිබුනේ කවුන්ටර් දෙකක් පමණක් වීම නිසා ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රීඩාංගණ සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

පහරදීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

එම පහරදීම තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පවසන මන්ත්‍රීවරයා, එමෙන්ම එවැනි සිදුවීම් යලි ඇතිනොවීමට රජය කටයුතු කළ යුතු බව සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ තැබූ ට්විටර් සටහන පහතින් දැක්වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.