හමුදා පොලිසිය පාරට – අසාර්ථකත්වයේ පෙරවදනද – බිමල්

Bimal Rathnayake

මේ වනවිට රථවාහන හැසිරවීම සඳහා හමුදා පොලිස් නිලධාරීන් මහා මාර්ග වල සේවයට යොදවා ඇත. සාමාන්‍යයෙන් හමුදා පොලිසියේ කාර්යභාරය ආරක්ෂක හමුදාවල විනය ආරක්ෂා කිරීමයි. ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා මේ ගැන ප්‍රශ්නයක් ඉදිරිපත් කර සිටියි.

ශ්‍රී ලංකාව පරිපාලනමය වශයෙන් අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවාද? යන්න ට්විටර් සටහනක් තබමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ප්‍රශ්න කර සිටියි.

”රටේ ජනාධිපතිවරයා හිටපු හමුදා නිලධාරියෙක්. ඊට අමතරව ආරක්ෂක ලේකම්වරයා, කොළඹ වරාය, ගුවන් තොටුපල ප්‍රධානින් ලෙස පත් කර සිටින්නේ හිටපු හමුදා ප්‍රධානින්. මිට අමතරව රැකියා ලක්ෂය ලබාදීම, වී මිලදී ගැනීම් සහ රථ වාහන පාලනය සඳහා පත්කර ඇත්තේද හමුදාවයි. සාමාන්‍ය තත්වයක් තුල රටක දෛනික සිවිල් කටයුතු මෙහෙයවීම සඳහා හමුදා භාවිතා කරන රටක් ගැන මින් පෙර අසා තිබෙනවද?

සිවිල් පරිපාලනය සඳහා හමුදා සහය ලබා ගත් පාකිස්තානය, ඊජිප්තුව වැනි රටවල්ද අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පෙන්වා දෙයි.

ඒ අතර කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා එක් කර ගැණුනු යුද හමුදාවට අමතරව ගුවන් සහ නාවික හමුදාවද එක් කිරීමට රජය තීරණය කර ඇත.

ඇතැම් සිවිල් සංවිධාන සාමාජිකයන් මෙය හමුදා රාජ්‍යයක මූලාරම්භය බව පෙන්වා දෙති.

ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ රථවාහන හැසිරවීම පිළිබඳව පිළිබඳව පොලිස් නිලධාරීන්ට කළ නොහැකි යමක් මේ හමුදා පොලිස් නිලධාරීන්ට කළ හැකිද යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.