හමුදා මේජර් ජෙනාරාල් පුතු හමුදා මාධ්‍ය ප‍්‍රකාශයට අස්වෙන්න කියයි

dilum-amunugamaඅමාත්‍ය රාජිත සේනාරත්න මහතා රණවිරුවන් පාවා දෙමින් කැබිනට් මාධ්‍ය හමුවේදී කළ ප‍්‍රකාශයට පිළිතුරු නොදුන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා වහාම එම තනතුරින් ඉල්ලා අස්විය යුතු යැයි පාර්ලමේන්තු මන්ත‍්‍රී දිලුම් අමුණුගම මහතා ඊයේ (17) පැවැසීය.

අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයට විරෝධය දක්වමින් කිසිම මින් ඉදිරියට කිසිදු හමුදා නිළධාරියෙකු හමුදා මාධ්‍ය ප‍්‍රකාශක තනතුර භාර නොගත යුතු යැයිද මන්ත‍්‍රීවරයා කීය.

‘‘ත‍්‍රස්තවාදීන් පරාජය කිරීමේ සටන මෑත කාලයේදී ආරම්භ වුනේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. නුමත් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මර්ධනය කරන්න හැකියාවක් ලැබුනේ අපේ රටේ ත‍්‍රිවිධ හමුදාවන්ට පමණයි. ඒ නිසා අපේ හමුදාය ලෝකයේම කීර්තියක් අත්කරගත් විනය අතින් ඉතාම ඉහළ තත්ත්වයක සිටින හමුදාවක් බව කියන්න ඕන. ඒ හමුදාවට විරුද්ධව ඩයස් පොරාව ඇතුළු එල්.ටී.ටී.ඊ හිතවාදීන් ප‍්‍රකාශ කළාට කමක් නැහැ.

මගේ පියත් හමුදා ක‍්‍රියාන්විතයේ සිටි මේජර් ජෙනරල් වරයෙක්. රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය කරන්නේ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහත්තය තමන්ට අල්ලපු ආසනයේ ඉන්නවිටයි. ඇමතිවරයාගේ ප‍්‍රකාශය ගැන ප‍්‍රකාශයක් යමක් කියන්න හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාට නොහැකිවුණා. ඒ නිසා ත‍්‍රිවිධ හමුදාවට විශාල අපකීර්තියක් අත්වුණා. හමුදාවට කොන්දක් තියෙන බව පෙන්වන්නනම් ඔහු එම තනතුරින් ඉල්ලා අස්විය යුතුයි. එමෙන්ම කිසිම හමුදා නිළධාරියෙක් මින් මනතට මෙම නිළය බාර නොගත යුතුයි කියලත් අපි කියනවා.‘

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.