හරක් වැඩෙන් බිලියන ගානක් පාඩුයි

cowsදියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් උසස් ආරයේ කිරි ගවයින් 15,000ක් පශු සම්පත් මණ්ඩලය සදහා ආනයනය කිරීමේ ක්‍රියාවලියේදී ජාතික වැඩ පිළිවෙලට අනුගත නොවී පසුගිය වර්ෂ හතක පමණ කාලය තුළ කිරි ගවයින් ආනයනය කිරීම සදහා ඇමරිකන් ඩොලර් බිලියන 7.9ක් වැයකර නිසි ප්‍රතිපල ලබා ගත නොහැකිවීම හා ආර්ථිකමය අලාභයක් සිදුවන පරිදි මෙහෙයවීම පිලිබඳව බලධාරීන් වගකිවයුතු බවට විගණකාධිපතිවරයා නිකුත් කළ වර්තාවක දැක්වෙන බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය 16 වෙනි දින දඹුල්ලේ කැදවා තිබු මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අනාවරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට එහි ලේකම් ටි.බී සරත් උප සභාපති හා කිරි ගොවින් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු සුසන්ත කුමාර නවරත්න, සම්මේලනයේ ජාතික කමිටු සාමාජික සුනිල් රණවීර, ආර්.එම්. තිලකරත්න මහතාද එක්වී සිටියහ.

2006 වර්ෂයේ සකසන ලද රාජ්‍ය ප්‍රතිපත්තිය හා මහින්ද චින්තනය අනුව විධිමත්ව පිළියෙළ කරන ලද වැඩ පිළිවෙලට අනුගත නොවී විෂය භාර අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, තොණ්ඩමන් හා පි. හැරිසන් යන අමාත්‍යවරු හා නිලධාරීන් තමන්ට ලැබෙන කොමිස් මුදල් මත කටයුතු කර ඇති බවට තම සම්මේලනය මේ පිලිබදව දිගින් දිගටම කරුණු අනාවරණය කල බවද නාමල් කරුණාරත්න මහතා අදාල වාර්තාව මාධ්‍යට පෙන්වමින් කරුණු දැක්විය.

නිසි වෘත්තිමයභාවයකින් තොරව නිවැරිදි නොවන හා අසම්පුර්ණ සක්‍යතා වාර්තා පිළියෙළ කිරීම,මෙම සතුන් පළමු අදියරේදී ආනයනය කිරීමෙන් පසු සතුන් ආනයනය කිරීම පලදායි නොවන බව අනාවරණය වී තිබියදී දෙවන අදියර හා ඇතුන්වර අදියරයන් යටතේ සතුන් ආනයනය කිරීමට කටයුතු කිරීම, පිලිබදව අදාල නිලධාරීන් වගකිව යුතු බවට විගණකාධිපති එම්.එම්. ගාමිණී විජේසිංහ මහතාගේ වාර්තාවෙන් නිගමනය කර ඇති බවද නාමල් කරුනරතන මහතා මෙහිදී පැවසිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.