හිටපු අගවිනිසුරු මොහාන්ට නඩු

mohan-peirisහිටපු නිතිපති හා අගවිනිසුරු වන මොහාන් පිරිස් හා හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් හා වර්තමාන අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නාවස් සහ හිටපු ලංකා විදුලිබල පෞද්ගලික සමාගම (ලෙකෝ) හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස්ට යන අයට අල්ලස් කොමිසම පෙරේදා (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා මොවුනට මාර්තු 8 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළේය.

මොහාන් පිරිස් මහතා නිතිපති ධුරය දරන කාලයේ ලෙකෝ සමාගමේ ඉඩම් හා දේපල මිලදී ගැනීමේ දී සිදුවු බව කියන දුෂණ හා අක්‍රමිකතාවලට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිම වැළැක්වීම සඳහා අයුතු සහගත ලෙස නිතිපති වාර්තාවක් ලබාදීම යන චෝදනාව යටතේ මෙසේ නඩු පවරන ලදි .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.