
හිටපු සිවිල් හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අල්ලස් චෝදනා දෙකකින් නිදහස් කොට ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝගය කළේය අල්ලස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
අල්ලස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ අනුමැතියකින් තොරව මෙම චෝදනා ගොනු කොට ඇති හෙයින් මෙම පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසමේ නිලධාරීහු උදාවෙන් ඉල්ලා සිටියහ. මෙහිදී මතුවන ප්රශ්නය නම් වැරදි ආකාරයකට මෙම නඩුව ගොනු කළේ මන්ද යන්නයි.
මාරවිල ගම්බද කේටරින් නම් ආයතනයකට ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරහා රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් ලබාදීම සඳහා එහි ප්‍රධාන විධායක නිලධාරියා පෙළඹවීම පිළිබඳව චෝදනා ගොනු වී තිබිණ.