හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ ඊයෙත් උසාවිය මඟහරී

wasantha karannagoda

කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම පිළිබඳ නඩුවේ 14 වන විත්තිකරු වන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට මේ වනතෙක්ම සිතාසි භාරදීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැජ්ජාවට පත්විය යුතු බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයෙ (24) ප්‍රකාශ කළේය.

චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී හෙළිදරව් වුණේ මීට පෙර අධිකරණය විසින් තුන් වතාවක් කරන්නාගොඩ මහතාට සිතාසි නිකුත් කර තිබුණු බවත් ඔහු එක් වතාවත් උසාවියට නොපැමිණි බවයි.

පොලිස් නිලධාරින් කියාසිටින්නේ මෙතෙක් කරන්නාගොඩට ට සිතාසි භාරදීමට නොහැකි වූ බවකි. වසන්ත කරන්නාගොඩ යනු රටේ ආරක්ෂක අංශවල සිටි ඉහළම නිලධාරියකු බැවින් මෙතෙක් ඔහුට සිතාසි බාර දීමට නොහැකි බව පැවසීම පිළිගත නොහැකි කරුණක් බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැජ්ජාවට පත්විය යුතු බවත් යලිත් වතාවක් කරන්නාගොඩට

සිතාසි නිකුත් කරන ලෙස නියම කළ අධිකරණය එම සිතාසි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හරහා යොමු කරන ලෙසත් එහි පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් ඔහුගේ පෞද්ගලික ලිපිනයට යොමු කරන ලෙසත් තවත් පිටපතක් එම නිවසේ සිටින සේවකයකුට හෝ ඥාතියකුට බාරදෙන ලෙසත් තවත් පිටපතක් එම නිවසේ ප්‍රසිද්ධ ස්ථානයක අලවන ලෙස ආදී වශයෙන් උපදෙස් ගණනාවක් ලබා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.