හිටපු විනිසුරු පද්මිණී රණවක අමාරුවේ?

Ranjan Ramanayake

තමාගේ උසස් වීමක් ලබා ගැනීම සඳහා හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක දීර්ඝව කරුණු දැක් වූ බව කියන හිටපු විනිසුරුවරියක වූ පද්මිණී රණවක ඉතා අසීරු තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත.

දේශපාලනඥයෙකුට රංජන් රාමනායකගේ ක්‍රියාකලාපය කෙසේ වෙතත් විනිසුරුවරියක රැකගතයුතු ප්‍රමිතීන් තිබෙන බව නීති විචාරකයින් පෙන්වා දෙති. මහධිකරණ විනිසුරුවරිය වන්නේ පද්මිණී රණවක මහත්මිය දැනට සේවයෙන් විශ්‍රාම ගොස් සිටි.

ඇය මෙරට ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම ලබාදුන් මහාධිකරණ විනිසුරු මණ්ඩලයේ සාමාජිකාවක්ද වූවාය.

මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක අදාළ තීන්දුව දී මාස තුනකට අඩු කාලයකදී ධුරයෙන් විශ්‍රාම ගිය අතර මෙම ඇමතුම ලබා දී ඇත්තේ අදාල තීන්දුවට පෙරයි.

ඇයට අභියාචනාධිකාරණයට උසස්වීමක් ලබා ගැනීම සහ සම්බන්ධයෙ ඇගේ ස්වාමිපුරුෂයාගේ දායකත්වයක් ලැබී ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ යම් තරමකට ැ හෝ විශ්වාස කළ හැකි බවත් විජයදාස රාජපක්ෂ ගෙන් උදව් ඉල්ලුවත් කිසිත් සිදු නොවූ බව විනිසුරුවරියගේ යැයි අනුමාන කෙරෙන කාන්තාව කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.