හිරුට දෙරණට දැන්වීම් නැහැ – මංගල

mangala

තමන්ට එරෙහිව අභූත චෝදනා කිහිපයක්ම තිනියාවල පාලිත හිමියන් විසින් එල්ලකොට කරන ලද බවත් ඒ සාවද්‍ය මඩ ප්‍රහාර කිසිදු වගවිභාගයකින් තොරව ඉතාමත් ද්වේශසහගත ආකාරයෙන් විකාශය කළ රූපවාහිනී නාලිකාවලට හා හඳුනාගත් වෙබ් අඩවි කිහිපයකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

තිනියාවල පාලිත හිමියන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් තමන් විසින් සිදු කරන බවත් අදාළ මඩ මෙහෙයුම පිටුපස සිටින දේශපාලනඥයන් කවුරුන්ද යන වග තමන් ඉදිරියේදී හෙළි කරන බවත් පැවසීය.

“මේ වගේ ඕනෑම කෙනකුට ඕනෑම වාචාල කතාවක් කියන්න පුළුවන්. ඒත් එවැනි බොරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු මාධ්‍ය මීට වඩා සැලකිල්ලක් දක්වන්න තිබුණා. මේ කියන කාරණාවලට අදාළ වකවානුවල විෂයභාර ඇමැති මමවත් නෙවෙයි. අඩුම තරමින් මේ මාධ්‍ය එවැනි කාරණා ගැනවත් සොයා නොබලා මට එරෙහිව ද්වේශ සහගත ප්‍රචාරයක් ගෙන ගියේ, මම එම මාධ්‍ය ආයතනවලට දැන්වීම් ලබාදෙන එක නවත්තලා තියන නිසා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම රූපවාහිනී ආයතන දෙක විසින් ගෙනගිය ජාතිවාදී වෛරී මාධ්‍ය මෙහෙයුම නිසා මම ඒ ආයතන දෙකට දැන්වීම් දෙන්න එපා කියල මගේ යටතේ තියන ආයතනවලට දැනුම් දුන්නා” යැයි අමත්‍යවරයා පැවසීය.

මංගල සමරවීර ඇමතිවරයා ගේ ට්විටර් පණිවුඩය-

කෝටිපති ව්‍යාපාරික තීනියාවල පාලිත හිමි විසින් මට එරෙහිව සිදු කරනු ලැබූ තහවුරු නොකරන ලද සහ ද්වේශ සහගත චෝදනාවලට පුළුල් ප්‍රචාරයක් ලබා දුන් හිරු/දෙරණ නාලිකාවලට එරෙහිව රු.බිලියනක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන ලෙස නීතීඥවරුන්ට උපදෙස් ලබා දුන්නා. – දිලිත්,රේන,පාලිත, අපි උසාවියේ දී හමුවෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.