හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයකු පැහැරගෙන ගොස් රඳවා තබා තර්ජනය කල බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව ජුනි මස 07 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේය. නඩුව කැඳවූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය ඇතුළු විත්තිකරුවන් 08 දෙනා අධිකරණයේ පෙනී සිටියහ.

මීට පෙර මෙම නඩුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැර සෙසු විත්තිකරුවන් 07 දෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබූ අතර ඉන් 05 දෙනකු වන්දි හා දඩ මුදල් ගෙවා අවසන් කර ඇති බවත් සෙසු විත්තිකරුවන් දෙදෙනාට වන්දි මුදල් ගෙවීම සඳහා කල් ලබා දෙන ලෙසත් විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවා අවසන් වූ විත්තිකරුවන් 05 දෙනා මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා සෙසු විත්තිකරුවන් දෙදෙනාට වන්දි මුදල් ගෙවීම සඳහා මාර්තු මස 14 වැනිදා තෙක් කල් ලබා දුන්නේය. ඉන් අනතුරුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති චෝදනා විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය නියම කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.