හොරණ මදාවි මල්ලිලා කූඩුවේ

තමන්ගේ මැරකමින් අහිංසක ජනතාව බියපත් කරන උතුරේ ආවා කල්ලිය සහ වෙන්නප්පුවේ පුහුණු මරාගේ අයියලා රක්ෂිත බන්ධනාගාරය තුළය.මේ පිරිසට අලුත් පිරිසක් එක්වී ඇත්තේ හොරණ ප්‍රදේශයෙන්.

මාධ්‍යවේදී අමිල මලවිසූරිය පවසන ආකාරයටහොරණ කිරිගලහේන ප්‍රදේශය මුල් කොට එම පිරිස කප්පම් ගනිමින්, බිය වැද්දීම් කරමින්, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පමණක් නොව සාමාන්‍ය වැසියන්ගෙන් පවා කප්පම් ගනිමින් සැරිසැරුවේ ඔවුනට විරුද්ධව යන ඕනෑම අයෙකුට සිය කණ්ඩායම විසින් පවත්වාගෙන යනු ලැබූ වධකාගාරයට ගෙනැවිත් දස වධ දෙමිනි. එම කොල්ල කල්ලිය හොරණ, ඉංගිරිය, පාදුක්ක, මොරගහහේන ආදි පෙදෙස්වලද කරක් ගසා ඇත. බොහොමයක් දෙනා ළාබාල තරුණයෝය.

හොරණ කිරිගලහේන ප්‍රදේශය මුල් කොට එම පිරිස කප්පම් ගනිමින්, බිය වැද්දීම් කරමින්, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පමණක් නොව සාමාන්‍ය වැසියන්ගෙන් පවා කප්පම් ගනිමින් සැරිසැරූහ.

ඔවුනට විරුද්ධව යන ඕනෑම අයෙකුට සිය කණ්ඩායම විසින් පවත්වාගෙන යනු ලැබූ වධකාගාරයට ගෙනැවිත් දස වධ දෙමිනි. එම කොල්ල කල්ලිය හොරණ, ඉංගිරිය, පාදුක්ක, මොරගහහේන ආදි පෙදෙස්වලද කරක් ගසා ඇත.

දවල්ට නිදි. රෑට වැඩ 

දොළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත බවට සැල වන එකී අපරාධ කල්ලිය යාපනයේ ‘ආවා’ කල්ලියට සමානව කඩු, කිණිසි, විශාල මන්නා පිහි සහිතව යතුරුපැදිවල ගමන් කරමින් ප්‍රසිද්ධියේ පෙනී සිටි බවටද වාර්තා වේ. දහවලට නිදි යන ඔවුන් කලඑළි බසින්නේ රාත්‍රියට ය. වධකාගාරයට රැගෙන ගොස් දසවධ විඳි අය පවා ඔවුනට විරුද්ධව වචනයක් නොකීහ.

පසුගිය දිනෙක එම කණ්ඩායම කිරිගලහේන ගමේම තරුණයන් දෙදෙනෙකු ගස්බැඳ පෙට්‍රල් දමා කකුල් පුච්චා ඇති බවටද සැල වේ. අනතුරුව එම තරුණයන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත්තේද රෝහලට බොරුවක් කියමිනි.

හරි තැනට ඔත්තුව

කාර්යශූර නිලධාරියකු වන පොලිස් විශේෂ කාර්ය බළකායේ ජයවර්ධනපුර පිහිටි සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි කේසර රත්නවීර මහතාට මේ ගැන ආරංචි විය. ප්‍රධානියා වූ ලතීෆ් මහතා මෙහෙයුමට ට අවසර ලබා දුන්නේය.

නායක ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් නමැති විසිදෙහැවිරිදි තරුණයා අත්අඩංගුවට ගනු ලැබීය. ඒ, හොරණ, කිරිගලහේන ප්‍රදේශයේ ඔහුගේ නිවෙසේ සිටියදීයි. විවාහකයකු වන ඔහු අත්අඩංගුවට පත්වූයේ කේරළ ගංජා ග්‍රෑම් 50ක්ද සමඟිනි. ඊට අමතරව නිවෙසේ ඇඳක මෙට්ටය යට සඟවා තිබී කඩුවක්ද සොයා ගැනීමට සමත් විය.

මීළඟට ආරම්භ වූයේ ප්‍රශ්න කිරීමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මදාවි දිවියක් ගත කළ ඔවුන් මත්ද්‍රව්‍ය පානය කරමින් වධකාගාරය තුල සිටියදී අත්අඩංගුවට පත් වූහ. අවුලෙන් අත්හැර දමා තිබූ මොවුන් සතුව කඩු කිනිසි විය.

සාක්ෂි සමග අත්අඩංගුවට

දුරකතනවල තිබූ එක් වීඩියෝවක පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් ‘රැප්’ සින්දු කියන පරිද්දෙන් නන්දොඩවන ආකාරයක් දිස්වන්නෙ බලා සිටින්නවුන්ටද අප්‍රසන්න දසුනක් මවමිනි. ඊට අමතරව තවත් වීඩියෝවක නීලක සඳරුවන්ගේ කල්ලියට විරුද්ධව ඔත්තු දෙමින්, කප්පම් නොගෙවීම ආදි කරුණු මත ඔවුනට එරෙහිවූ නිසා තරුණයන් පිරිසකට දස වධ දෙන ආකාරයක් දිස් වේ. මේ හා සාක්ෂි ලබාගැනීම පිළිබඳ ගැටලුව

අම්මගේ දුරකට හෝ විසඳාගත හැකිය. ඔවුන්ව බන්ධනාගාර ගත කළ හැකි වනු ඇත.

එහෙත් මෙවැන්නන් බිහිවීමට තුඩුදුන් සමාජ ගැටලුව?

වැටත් නියරත් ගොයම් කයි නම්?

ඔවුන් ක්‍රියාත්මක වන්නේ තනිව නොවේ. වැටත් නියරත් ගොයම් කන අවස්ථා ද වාර්තා වේ.

““මේ අය ගමේ හැමෝටම ප්‍රශ්නයක් වෙමින් සිටියේ. රෑට ප්‍රසිද්ධියේ අවිආයුධ අරගෙන බයිසිකල්වල යන්නෙ. ඔවුන් කියන දේවලට අකැමැති වන අය අරගෙන ගිහින් වධ දෙනවා. ඒත් අපි ඒවා ගැන කිසි කෙනෙකුට කියන්න ගියේ නෑ. ඇත්තටම තිබුණ බයට. මේ පිරිස රැඳි සිටි නිවෙසින් හැමදාම රෑට මරළතෝනි සද්ද ඇහෙන්නෙ. ඒ ඔවුන් කාටහරි වධ දෙන නිසා. මේ පිරිසට පොලිසියේ සමහර අයගෙන් උදවු ලැබුණා. ඇත්තටම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරි මහත්තුරුන් මේ පිරිස අත්අඩංගුවට නොගත්තා නම් ඉදිරියේ මේ ප්‍රදේශවල මොනවා වෙයිද කියා හිතාගන්නවත් බෑ“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.