හොරා හොරා කියන්න ජනාධිපති කෙනෙක් ඕනද – විමල්

wimalතම ආණ්ඩුවේ හොරකම් වන බවට එක් එක් ප්‍රකාශ නොකරමින් ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ එම හොරකම් නැවත්විමට කටයුතු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“රටේ ජනාධිපතිතුමා පත්තර වල හෙඩ් ලයින් හද හද ඉන්නවා. මාධ්‍ය ප්‍රධානීන් කැදවලා එතුමා කියලා තියනවා රජයට එන්න තියන කෝටි ගණන් ඇමතිවරුන්ගෙයි යාළුවොන්ගෙයි සාක්කු වල කියලා. මහ භාණ්ඩාරයට එන්න තියන සල්ලි ඇමතිවරුන්ගෙයි යාළුවොන්ගෙයි ගිණුම් වලට යනවලු. දැන් ඕක කියන්න මේ රටේ ජනාධිපතිවරයෙක් ඕනද? රටේ ජනාධිපති ඉන්නේ ඒවා අපිට කියන්නද? දැන් ඒවා නතර කරන්න ඕන අපිද? ඒක නතර කරන එක ජනාධිපතිගේ වගකීම. අපි කොහොමෙයි ඒක නවත්තන්නේ. පිස්සුවක් තියෙයි. විධායක බලය තියන ජනාධිපතිවරයෙක්ට බලය දුන්නේ ජනතාව මේ හොරකම් නතර කරන්න. ”මන්ත්‍රිවරයා පවසා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.