හෝන් පාර වැදුනේ මට නොවේ – රුවන්

Ruwan Wijewardene

පසුගිය දවසකදී රියදුරන් නලා හඬ නගමින් විරෝධය පළ කළ දේශපාලනඥයා තමන් නොවන බව නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේය.

එසේනම් මේ දේශපාලනඥයා කවුරුන්දැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා රුවන් විජේවර්ධන ගෙන් පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ ය. තමන් මේ පිළිබඳව පොලිස්පතිවරයාගන් විමසු නමුත් ඔහු පවසා ඇත්තේ තමන්ට සීසීටීවී දර්ශන විමසා පිළිතුරක් දිය යුතු බවයි. තාමත් මේ පිළිතුරු ලැබී නැති බවයි රුවන් විජේවර්ධන පැවසුවේ.

රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයෙකුට මෙවන් කාරණයක් හෝ පැහැදිලි කර ගත නොහැකි නම් ඒ ඇමතිකම් කුමකටදැයි මාධ්‍ය ගැලරියේ සිටි මාධ්‍යවේදියෙක් සගයෙකුට කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.