පොදු සමා කාලය දික් කිරීමෙන් ගැටළුව විසඳිය හැකිද?

army-lankatruth_thumb_medium150_

40 000 ක් පමණ හමුදා සේවය හැර ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටින අතර නිවාඩු ලබා නොගෙන, හමුදාව හැර ගොස් සිටින හමුදා සාමාජිකයින්ට ලබාදුන් පොදු සමා කාලය අප්‍රේල් විසි පස් වෙනිදා දක්වා දීර්ග කොට ඇත.

ඊයේ දිනය වනවිට සෙබළ සෙබළියන් 12,050 ක් යළි වාර්තා කර තිබේ.කෙසේ වෙතත් දැනට පවතින තත්වය අනුව විශාල පිරිසක් අත්  අඩංගුවට ගෙන හමුදා නීතියට යටත් කිරීමට සිදු වෙනු ඇත.

 හමුදා සොල්දාදුවන් නීතිවිරෝධී ලෙසින් සේවය අත්හැර යන්නේ පෞද්ගලික හේතූන් බව හම්ද ප්‍රධානින් පවසතත් ඔවුන් ගේ  ගරුත්වයට නොගැලපෙන කටයුතුවල යෙදවීම හේතුවෙන් ඔවුන් සේවය අත්හැර යන බව මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශයට පත් විය.

ගැටළුව වන්නේ පොදු සමා කාලය ලබන අප්‍රේල් 25 වැනි දින දක්වා දීර්ඝ කිරීමෙන් හමුදාව අත්හැර යාමේ ගැටළුව විසඳාලියය හැකිද යන්නයි.

මේ සඳහා දීර්ග කාලීන විසඳුමක් ලබා ගැනීම සඳහා පහල නිලයන්හි සේවය කරන පිරිස් වලට තමන්ගේ ගරුත්වය රැක ගෙන සේවය කල් හැකි ක්‍රමයක් සම්පාදනය කර් ගත යුතුව ඇති බව පළපුරුදු හමුදා නිලධාරීන් පෙන්වා දෙති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.