26 වසරකට පසු යළිත් ආරම්භක තනතුරට ගිය පා.ම රනිල්

ranil wickramasinghe

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මීට 26 වසරකට පෙර පාර්ලිමේන්තුවේ දේශපාලනය ආරම්භ කළ තැනට සම්ප්‍රාප්ත වී සිටී. ඒ මන්ත්‍රී තනතුරයි. මේ කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතා තෙවරක් අගමැති වරයා වශයෙන් ද දෙවරක් විපක්ෂ නායක වරයා වශයෙන් ද පත් වී ඇත.

අගමැතිවරයා වශයෙන් සිටියදී තනතුරෙන් පහ කොට යළිත් දින කීපයකින් අගමැති තනතුරට පත්වීමට හැකිවීමත් විශ්වාසභංග යෝජනාවක් ජයගැනීමට හැකි වීමත් තවත් සුවිශේෂී අවස්ථාවන් ය.

එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුළ අවුරුදු හතළිස් හතක් තුළ නායකයින් හයදෙනෙක් කටයුතු කොට ඇති අතර ගිහින් අවුරුදු 25ක්ම නායකයා ලෙස කටයුතු කොට ඇත්තේ රනිල් වික්‍රමසිංහය

මෙයින් අවුරුදු 25ක්ම නායකයා ලෙස කටයුතු කොට ඇත්තේ රනිල් වික්‍රමසිංහය. කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ඝාතනය කරමින් ඇතිකළ රික්තය හේතුවෙන් සජිත් මතුවෙන තුරු ම නායකත්ව අභියෝගයක් නොවීය.

පාර්ලිමේන්තු තනතුරු යනු බොක්සිං ක්‍රීඩාවක් නම් අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට හොඳම පරාජිතයාට හිමි සම්මානය හිමිවෙනු ඇත.එහෙත් රනිල් නම් ලේසියෙන් පසුබසින්නේ පසු බසින්නේ නැත. එහෙයින් සජිත්ගේ දවස තවමත් දිගය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.