CCTV ගැලවූ ශිෂ්‍ය ක්‍රියාධරයන්ට එරෙහිව දැඩි පියවර

cctv

කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සවි කර තිබූ සීසීටීවී කැමරා එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් විසින් බලහත්කාරයෙන් ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ කොටස් වලින් බරපතළ විරෝධයක් පැන නැගෙමින් පවතී.

විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සදහන් කළේ මෙම කඩකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට වැරදිකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට කටයුතු කරන බවයි. අභ්‍යන්තර පරික්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.

කැලණිය විශ්වවිද්‍යාලප පරිශ්‍රෙය් ආරක්ෂාව තහවුරු කිරීම සදහා එහි සි සි ටි වී කැමරා සවිකර තිබූ අතර පාස්කු ප්‍රහාරයට පසු පාලනාධිකාරිය විසින් ආරක්ෂාව පතා කටයුතු කළ අතර එය ඔහුගේ වගකීමක් බව ආචාර්යවරුන්ද පවසති. කාගේ හෝ නිදහසට බාධාවක් වෙතොත්ත ඒ පිළිබඳ සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකින් කටයුතු කිරීමේ හැකියාව තිබුණි.

මහා ශිෂ්‍ය සංගමය තමන්ගේ මුහුණු පොතේ මේ ක්‍රියාව සාධාරණීයකරණය කිරීම හරි පාන්නේ වෙත කළ සෘජු අභියෝගයක් වන බවත් විනයානුකූල විශ්ව විද්‍යාල පවත්වාගෙන යෑමට අවශ්‍ය නම් නිසි පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමක් බව සමාජ මාධ්‍ය වශයෙන් ප්‍රතිචාර පළ වී ඇත.

මේ නිසා රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති අතර මීට පෙර විද්‍යාලයේ කීපයකම CCTV කැමරා ගලවා පොඩිපට්ටම් කර තිබුණි. නමුත් මෙවර මහා ශිෂ්‍ය සංගමය සෘජුව සිද්ධි වගකීම භාරගෙන ඇත.

ජනතාවගේ මුදල් මෙලෙස විනාශ කිරීමට ඉඩ දෙන්නේ නම් රජය තමන්ගේ වගකීම පැහැර ගෙන බවයි බොහෝදෙනා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ. මේ වීඩියෝව අපරාධකාරී සොයා ගැනීම් ආරක්ෂක අංශ හා පොලිසියට මැදිහත් විය හැකිය.

බන්දුල ගුණවර්ධන උසස් අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේය සරසවි සිසුන් දෛනික පදනමක් මත ආණ්ඩුවට විරෝධය දක්වන්නෙ විදේශයන් වලට ශිෂ්‍යයන් පිටත්කර යවන ව්‍යාපාරිකයින් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.