Geneva:ශ්‍රී ලංකාවට ප්‍රසංසා
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් හිමිකම් සමුළුවේදී ශ්‍රීලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව තමන් සතුටුවන බව ඇමරිකාව කියා සිටී.ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටීයේ අප සිතන තරම් ඉක්මනින් සාධාරණත්වය ඉටු නොවුනත් සාධාරණත්වය ඉටු කිරීම සඳහා පදනම සැකසී ඇති බවයි.
ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව පිළිබඳව හිතන ආකාරය පැහැදිලිවම වෙනස්වෙන ආකාරයක් දක්නට ලැබෙන බව දේශපාලන නීරික්ෂකයින් පෙන්වා දෙති.
ඉදිරි සති කීපය තුළ ජනාධිපතිවරයා චීනය,එංගලන්තය සහ ඇමරිකාවේ සංචාරය කිරීමට නියමත් අතර ශ්‍රී ලංකාව පෙරට වඩා නිදහස් රටක යන අදහස ලොව පුරා පැතිර යාමත් සමගම අළුත් ආයෝජන ශ්‍රී ලංකාවට වැඩි ඉඩක් ලැබෙන බව නිරීක්ෂකයින් පෙන්වා දෙති.
එහෙත් මේ අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලෙසින් සුදනම්ද යන්න වෙනමම ප්රශ්නයකි.
[vsw id=”/E30YnOg4t5M” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]
America in praise of Sri lanka