
කුමන්ත්‍රණ ගැන කතා කිරීමට දැඩි ඇල්මක් දක්වන විමල් වීරවංශ ඇමතිවරයා කියා සිටින්නේජනාධිපති වරයාටත් වඩා රාජ්‍යය නොවන සංවිධාන බලවත් වීම නිසා දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කළ යුතු බවය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් වීරවංශ පැවසූයේ මහජනතාව විසින් සිය ඡන්ද බලයෙන් ජනාධිපතිවරයා වෙත ලබාදෙන විධායක බලය පාර්ලිමේන්තුව විසින් කොල්ල කා ඇති බවයි.
පාර්ලිමේන්තුවේ ජනතා ඡන්දයෙන් තේරී පත්වෙන සෙන් ගෙන් සමන්විත බව විමල් වීරවංශය ඇමතිවරයාට අමතක වීම කණගාටුවට කරුණක් බව ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති ව්‍යවස්ථා සභාව කෙරේද විමල් වීරවංශ ඔයාගේ විරෝධය පළවෙයි.
ව්‍යවස්ථාදායක සභාව
19 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයා සතුව තිබූ ඇතැම් බලතල ව්‍යවස්ථාදායක සභාව වෙත පවරා ඇති බවත්, වැදගත්ම කරුණ වන්නේ ව්‍යවස්ථාදායක සභාව සඳහා පත් කරන පුද්ගලයන් ඔවුන්ගේ නිළ කාලය අවසන් වනතෙක් කිසිදු හේතුවක් මත ඉවත් කළ නොහැකි බවත් විමල් වීරවංශ පවසයි
මේ වනවිට ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් ලෙස පත්කර ඇති ඇතැම් පුද්ගලයන් NGO සංවිධානවල නියෝජිතයන් බව ඔහු පෙන්වා දෙයි.
දහනම වැනි ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් ඇතිවූ ස්වාධීන කොමිෂන් සභා ප්රජාතන්ත්රවාදය හා රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට හේතු වූ බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.