නිෂා බිස්වාල් පබිලිස් එක්ක කුස්සියේ වැඩ…

DD-P-15-19-05-HPTනිල සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්‌වාල්  ඊයේ (13 වැනිදා) ජාතික රූපවාහිනි නාලිකාවේ ‘නුගසෙවන’ වැඩසටහනට එක්‌වී ශ්‍රී ලාංකීය ආහාර පිළියෙළ කිරීමට සහභාගි වූවාය. දැඩි ආරක්‍ෂක රැකවල්වලින් තොර සාමාන්‍ය නිලධාරිනියක ලෙස පැමිණි ඇය ප්‍රවීන සූපවේදී පබිලිස්‌ සිල්වා සමග එක්‌ව මෙසේ ආහාර පිළියෙළ කර තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක්‌ ශ්‍රී ලාංකීය රූපවාහිනි නාළිකාවකට සහභාගි වී ආහාර පිළියෙළ කිරීමකට දායක වී ඇත්තේ පළමු වරට වීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර වශයෙන් විකාශනය කෙරෙන සූපවේදී වැඩසටහන් නැරඹීමට වඩාත් උනන්දුවක්‌ දක්‌වන බව ද ඇය ප්‍රකාශ කර ඇත.

නීශා බිස්‌වාල් මහත්මිය සහභාගි වූ නුගසෙවන වැඩසටහන ඉදිරි සතිය ඇතුළත විකාශනය කිරීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.