Police:චම්පික පොලීසියේ

ගල්අඟුරු සිද්ධියට ඇමති පාඨලීගෙන් පොලිසිය ප්‍රශ්න කරයි / 04 ක් අත්අඩංගුවට

රුපියල් කෝටි 150 ක ගල්අඟුරු වංචා සිද්ධිය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලි චමිපික රණවක මහතාගෙන් අද (04දා) ප‍්‍රකාශයක් ලබාගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙම ගනුදෙනුව සම්මත පටිපාටියෙන් පරිබාහිරව කැබිනට් අනුමැතියකින් තොරව සිදුකර ඇති බවට අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එම සිද්ධියට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය ෆර්ඩිනැන්ඩස් මහතාගෙන්ද ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවත් ඔහු ඔස්ටේ‍්‍රලියාවේ සිටින බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

නොරොච්චෝලේ ලක් විජය බාලාගාරයට නැව් දෙකකින් රැගෙන ආ රුපියල් කෝටි 150 ක් පමණ වන ගල්අඟුරු තොගයක් වාරකන් සමය නිසා ගොඩබෑමට නොහැකිවීමෙන් එම තොගය කැබිනට් අනුමැතියකින් තොරව ඉන්දියානු සමාගමක් වෙත ලබා දීමෙන් රජයේ දේපළ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම සිදු ව ඇති බව පැවසේ.

මේ අතර රුපියල් කෝටි 150 ක ක් පමණ වන ගල්අඟුරු තොගයක් වංචා කිරීමට අදාළව පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කරයි.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (03දා) මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, සිලෝන් ශිපින් ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපති කාංචන රත්වත්ත, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ එම්.සී. දෙල්ගොඩ, මහා භාණ්ඩාගාරයේ ආර්.එම්.කේ. රණතුංග, වරාය අධිකාරියේ ආර්. එච්. ජයවික‍්‍රම යන සැකකරුවන් බවත් සඳහන්.

minister champika gives statement to police on coal fraud

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.