softlogic පතිරගේ ශ්‍රී ලන්කන් සභාපති ධුරයට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරය සඳහා අශෝක් පතිරගේ මහතා පත් කර ඇත.මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද ඒ අනුව පත්ව තිබේ. සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි නිර්මාතෘවරයා වන අශෝක් පතිරගේ මහතා එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වෙයි. දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවාව නව සභාපතිවරයා හමුවේ ඇති අභියෝගයකි.

පසුගිය දිනක ඔහු මාධ්‍ය වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් තුළින් ඔහුගේ ව්‍යාපාරික දැක්ම පිළිබඳව යම් අදහසක් ලබා ගත හැකිය.

.*.මං ගෙවන්නේ වැඩ බරිත ජීවිතයක්. ඔබ ඔය කියන සුපිරි ජීවිතයට වඩා මං කැමැති ඒ වැඩ අධික ජීවිතයට

*කොහේ ගියත් රෑ අට වෙද්දි මං ගෙදර. අපේම, යා යුතුම තැනෙකට හැරෙන්න මගේ නැහැ, රෑ ගමන්. පහුවෙනිදා ආපහු වැඩ කරන්න මට හොඳ නින්දක් ඕනේ. බිරිය දරුවන් එක්ක ජීවිතේ බෙදාගන්න ඕනේ. ඒ නිසා පාටිස්, කොක්ටේල්ස් මං ජීවිතෙන් අයින් කරපුවා.

* සිය දෙනෙක් විතර එන්නෙ උදව් ඉල්ලන්න.• ඒ කියන්නේ ඔබ උදව් කරන්න අකැමැති කෙනෙක්…නැහැ. මං උදව් කරනවා. ඒත් මිනිස්සු කියන හැම දේම කරන්න බැහැ. ඔය වගේ තැන්වලට නොගිහින් හිටියම වඩාත් හොඳට හිතවත්කම් පවතිනවා. අනෙක දවසකට 100 ක් විතර එන ආරාධනා. කොහොම පිළිගන්න ද.

* ජීවිතේ වෙහෙස මටත් දැනෙනවා. ඒත් මං කැමැතිත් ඒ වෙහෙසට තමයි. ඒ වෙහෙසත් එක්ක ගැටිලා වැඩ කරන එක තමයි මගේ විනෝදේ. සතුට. ත්‍රිල් එක. කික් එක. ඒවා නැතුව මට ජීවත් වෙන්න බැහැ.විවේකයක් ගත කරන්න කොහේහරි ගියත් දවස් තුන හතර ගෙවෙද්දී මට ඔෆිස් යනකල් ඉස්පාසුවක් නැතිව යනවා.•

*පොරොන්දුවක් වුණොත් ඉටුකරන්න ඕනේ.ලක්ෂ ගණන්, මිලියන ගණන් පිරිස සොෆ්ට්ලොජික් පාරිභෝගිකයන් වුණේ හෙමි හෙමින් ගොඩනඟපු ඒ විශ්වාසය නිසා. ඒකට මට අවුරුදු 23 ක් ගියා.මේ හැමදේම කළේ හිතට ඇතුළු කරගත් මහා ආත්ම ශක්තියකින්. ජීවිතේ වැටෙනවා නම් එහෙම අවස්ථා මිලියන ගණනක් මට උදාවෙලා ඇති.• මේ ගෙවෙන්නේ ව්‍යාපාරිකයන් වැටෙන කාලයක් ද… නැගිටින්න පුළුවන් කාලයක් ද…අවුරුදු 10 ක් වැඩ කරපු ජෝන් කීල්ස් සමාගමෙන් ඉවත්වෙලා 1991 මං, පරිගණක මෘදුකාංග සංවර්ධනය කරන සොෆ්ට්ලොජික් සමාගම පටන් ගත්තේ මේ රටේ යුද්ධයක් පවතිද්දී. බැංකු ණය ගත්තෙ සියයට 32 ක පොලියට.එහෙම ගොඩනැඟෙද්දි මුහුණ දීපු අමාරුකම් ගණනින් කියන්න බැහැ. හැබැයි අද පොලිය සියයට 6 යි 7 යි. රටේ ආයෝජන අවස්ථා ඕනෙ තරම්. යුද්දෙත් අවසන්. අද කවුරුහරි කියනවානම් බිස්නස් කරන්න බැහැයි කියල ඒක විහිළුවක්.•

* මං කේලම් අහගෙන ඉන්නවා. ඒ ගැන සොයා බලනවා. අවධානයෙන් ඉන්නවා. නමුත් කේලම් මත පිහිටලා තීන්දු තීරණ ගන්නෙ නැහැ

*.මේක හියුගෝ බොස් බ්‍රෑන්ඩ් එක. එච්චරයි• එතකොට ෂර්ට් එකේ වටිනාකම…30,000 ක් විතර.• කලිසම සහ කෝට් එක…ලක්ෂ දෙකක් විතර. ටයි එක 60,000 ක් විතර. ඒක හර්මිස් බ්‍රෑන්ඩ් එක.• සපත්තු දෙක…ඒකත් 60,000 ක් විතර.• ඔරලෝසුව නම් ටිකක් වෙනස් වගේ…ඒක නම් ලක්ෂ 50 ක් වෙනවා.• ඇඳුම් පැලඳුම්වලට මේ තරම් වියදම් කරන එක අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද…සල්ලි හම්බ කරනවා නම් ඒකෙන් ටිකක් විඳින්නත් ඕනේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.