SriLanka First සඳහා හකීම් සජිත්ට එකතුවෙයි

hakeem

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජනබලවේගය හා එක්ව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස පවසන්නේ SriLanka First නම් වැඩපිළිවෙළක් සඳහා තමන් සමඟ ජනබලවේගය මෙහෙයවන බවයි. මේ අතරවාරයේ රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරි මණ්ඩලය හරහා නාමයෝජනා පාලනය කිරීමට දැඩි උත්සාහයක් දරමින් සිටී.

මෙහිදී අදහස් දැක්වු හකීම් මහතා පවසා සිටියේ මෙම තීරණය ගැනීම ගැන තමා ඉතාමත් සතුටට පත් වෙන බවයි.

ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනතාව නියෝජනය කළ වැදගත් පක්ෂයක් ලෙස මන්ත්‍රී කණ්ඩායම එළඹෙන මහමැතිවරණයේ දී සජිත් කණ්ඩායම සමඟ එක් වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

රිෂාඩ් බදුර්දීන් ඇතුළු පිරිස ද සජිත්ගේ කණ්ඩායම හා එකතු වීමට ඉඩ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.