ආනන්දි සසිදරන්ට දෙමළ සන්ධානයේ දොර වැසේ

anandi sasidaranඋතුරු පළාත් සභා කාන්තා කටයුතු ඇමැතිනි ආනන්දි සසිදරන් හා ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ තරුණ සංගමයේ සභාපති සිවගරන් යන මහත්ම මහත්මීන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන සාමාජික පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා රැස්වී මේ තීරණය ගත් බව තමිල් අරසු පක්ෂයේ ප්‍රධාන ලේකම් තුරේරාජසිංහම් මහතා සඳහන් කළේය. ඔවුන් දෙදෙනා විසින් පක්ෂයට විරුද්ධව සිදුකරන ලද විවිධ ක්‍රියා සම්බන්ධයෙන් තමන්ට ලැබුණු පැමිණිලි මත පළමුව විනය පරීක්ෂණ සිදු කොට දැඩි අවවාද සිදු කොට තිබුණු බවත් එහෙත් දිගින් දිගටම ඔවුන් දෙදෙනා විසින් පක්ෂයට එරෙහි කටයුතුවල නිරතවීම හේතුකොට ගෙන මෙම තීරණය ගත් බවත් ලේකම්වරයා පැවසුවේය.

ආනන්දි සසිරදන් මහත්මිය පක්ෂයෙන් ඉවත් කිරීමත් සමඟ ඇයගේ මන්ත්‍රි ධුරයට හා අමාත්‍ය ධුරයට යම් බලපෑමක් සිදු වනවාදැයි ලේකම්වරයාගෙන් අප විමසූ විට හෙතෙම සඳහන් කළේ ඒ පිළිබඳව පසුව සාකච්ඡා කරන බවයි. පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට තිබියදී ඊට එරෙහිව ආනන්දි සසිදරන් මහත්මියත් සිවගරන් මහතාත් කටයුතු කිරීම ඔවුන් දෙදෙනාට එල්ලවී ඇති එක් චෝදනාවකි. ආනන්දි සසිදරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශ නායකයකු වූ එලීලන්ගේ බිරියය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.