ජනාධිපති ගෙන් අගමැතිට අභියෝගයක්

maithree-ranilමහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා තමන් ශක්තිමත් කරනවා මිස කිසිදු අවස්ථාවක තමාව දුර්වල කිරීමට කටයුතු නොකළ යුතු බව ද ජනාධිපතිවරයා අගමැති සහ පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන් අද ඉල්ලා සිටියේය.  ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

‘‘අද මහබැංකු වාර්තාව ගැන වේදිකාවේ කෑ ගසන හිටපු නායකයා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය දුන්නේ නෑ. රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිට වූ විගස දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට සුබ පැතුවා. ඒ බව මා හොඳින් දන්නවා. ‘‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ කථා කීම සඳහා මෙතෙක් කල් ගැනීමෙන් පෙනී යන්නේ ඒ කේවල් කිරීම හුදු දේශපාලන පුරසාරමකට වඩා වැඩි යමක් නොවන බවයි.

ප්‍රතිචාර

මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් කියා සිටියේ මේ පිළිබඳව කොක් හඬලා සිනාසී නිහඬ වීමට තරම් රනිල් පරිණත බවයි. පොහොට්ටුවේ ප්‍රබලයෙක් පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ට බැඳුම්කරය එල්ලෙන්න වැලක් කරගෙන සිටින බවත් මේ වැල තව ටික දිනකින් ඔහුව හිර කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමට සහභාගී වූ මාධ්‍යවෙදියක් පැවසුවේ ජනධිපතිවරයා දුෂණ විරෝධී රැල්ල එක මිටට තමන්ගේ අතට ගෙන ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.