තනි ආණ්ඩු බැහැ – මෛත්‍රි

maithripala-sirisenaපාර්ලිමේන්තුවේ පවතින මන්තී‍්‍ර ධුරවල ව්‍යුහය අනුව “එකතු වීම තුළ මිසක් කිසිදු දේශපාලන පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශයක් නොමැති බව” තමන් පෙන්වා දී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය අවධාරණයෙන් සඳහන් කළේ අප්‍රියෙල් 06 පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතමිනි.

“විශ්වාසභංග යෝජනාව තුළ ඇතිවුන ප්‍රතිඵලය අපි කවුරුත් දන්නවා.මේ තත්වය තුළ පාර්ලිමේන්තුවේ මොන විධියේ දේශපාලන ප්‍රශ්න සහ අර්බුද ඇති වුනත් ජනාධිපතිවරයා විධියට මම රටට වගකිව යුතුයි” ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම වගකීම් ඉටුකිරීමේ දී රජය ශක්තිමත් කිරීමට තමා බැඳී සිටින බව පවසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, රටට වගකියන ජනාධිපතිවරයෙකු ලෙස රජය දුර්වල වීමට කිසිසේත් ඉඩ නොතබන බව අවධාරණය කළේය.

“රජය ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින ඕනෑම අයෙකුට රජය සමග එක්විය හැකි අතර, ඒ වෙනුවෙන් තමා සියලුදෙනාට ආරාධනා කරන බවත්” ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.