නුවර මුස්ලිම් කඩ ගිනිබත්

telideniyaතෙල්දෙණියෙන් ආරම්භවී පැතිර ගිය නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අඟහරුවාදා (මාර්තු 06) වසා දැමීමට නියෝග කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. මේ අතර තත්ත්වය පිළිබඳව අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලීසියට සහ ආරක්ෂක අංශවලට නියෝග කර තිබේ.

ප‍්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පොලීසියට සහ යුද හමුදාව වෙත උපදෙස් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් සඳුදා (මාර්තු 05) දහවල් දිගන නගරයේ මුස්ලිම් වෙළෙඳසල් හා නිවාස කිහිපයකට ගිනිතබා විනාශ කර තිබුණි. මුස්ලිම් දේවස්ථානයකට ද පහර එල්ලවී ඇතැයි වාර්තා විය. ඔවුන් විසුරුවා හැරීම පිණිස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබූ බව ද වාර්තාකරුවෝ පවසති.

මැදමහනුවර අම්බාලේ පදිංචි දෙදරු පියෙකුට පොලුවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ගම්මාන කිහිපයක පදිංචිකරුවන් විශාල ප්‍රමාණයක් ඊයේ (05) මහනුවර මහියංගණය මාර්ගය තෙල්දෙණිය නගරයෙන් අවහිර කොට විරෝධය පළ කළහ.

වෘත්තියෙන් ලොරි රථ රියදුරෙකුට ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් තෙල්දෙණිය ප්‍රදේශයේදී පොලුවලින් හා පුටුවකින් පහරදී තිබේ. තුවාල ලත් රියදුරු හා රිය සහායකවරයා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර රියදුරු ඉකුත් 02 වන දින මරණයට පත්ව ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ එම්.ජී.කුමාරසිංහ නම් හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකි.

ඔහුගේ මළ සිරුර අම්බාලේ ග්‍රාමයට රැගෙන යන අවස්ථාවේදී මරණයට විරෝධය පළ කරමින් ගම්වාසීන් තෙල්දෙණිය උඩිස්පත්තුව මාර්ගයේ උඩිස්පත්තුවට හැරෙන ස්ථානයේ සිට ඉකුත් 02 වන දින මධ්‍යම රාත්‍රීය දක්වා විරෝධය පළ කළහ. මේ හේතුවෙන් මහනුවර මහියංගණ මාර්ගය පැය දෙකක පමණ කාලයක් අවහිර වී තිබුණි.theldeniya

මෙම අර්බුදය ජාතිවාදී ගැටුමක් කරා පත් නොකරන ලෙස ගම්වාසීන් දැනුම් දී තිබුණ නමුත් පොලීසියේ නිසි ක්‍රියාත්මක වීමක් නොමැති වූ බව ගම්වාසීහු පවසති. මේ හේතුවෙන් මේ වන විට උඩිස්පත්තුව, මොරගහමුල වෙළඳසල් කිහිපයකට පහරදීම් සිදුව තිබේ. කෙන්ගල්ල ප්‍රදේශයේ වෙළෙඳසලක් වෙත පෙට්‍රල් බෝම්බයක් එල්ල කර ඇති නමුත් එය පුපුරා යාමක් සිදු වී නොමැත.

කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 24 දෙනෙකු තෙල්දෙණිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු තෙල්දෙණිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.