බැදුම්කර මල්ල ලිහන්නේ බදාදා

Maithripala-Sirisenaමහ බැංකුවේ බැදුම්කර වංචාව ගැන විමර්ශණය කල ජනාදීපති කොමිසම විසින් ලබා දුන් වාර්තාව හා එහි නිර්දේශ ගැන දැනුවත් කිරීම සදහා දැනුවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් බදාදා දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවා ඇත. මෙදින කෙරෙන ප්‍රකාශ සහ හෙළිදරව් එක්සත් ජාතික පක්ෂයට අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ.

පසුගිය 30 වැනිදා ජනාධිපති කොමිසමේ සාමාජිකයන් විසින් එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබීය. මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සාකච්චා කිරීම සදහා හෙට දිනයේ නීතිපතිවරයා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබේ.

අධිකරණය හමුවේ නඩු

මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇති නිර්දේශයන්ට අනුව චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරෙනු ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර පවසයි.

බැදුම්කර වංචාවේ චෝදනා එල්ල වූවන් පිළිබඳව ගත යුතු නීතිමය පියවරයන් ගැන වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව තමන් සිතන බවත් ජනාධිපතිතුමන්ද ඒ අනුව ඉදිරි පියවර ගනු ඇතැයිද ඔහු සදහන් කලේය.

 

Untitled

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.