මහ ඇමතිට ඉක්මන් ඇප

chamara-sampathබදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනියට බලපෑම් කර දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය. ඔහුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම විය.

දසනායක මහතා ගේ ආධාරකරුවන් වීශාල පිරිසක් ඔහු වටා රොක් වී සිටියහ.

ඌව පළාතේ මහ ඇමතිවරයා, සන්ධ්‍යා අඹන්වල අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්එම්බී රත්නායක සහ විදුහල්පතිනියට බලපෑම් එල්ල කළ බවට චෝදනා එල්ල වී ඇති පළාත් සභාවේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් දෙදෙනා ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමින් දින ගණනාවක් මුළුල්ලේ බදුල්ල නගරයේ විරෝධතා උද්ඝෝෂණ පැවැත්විණ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.