මෙන්ඩිස් අරක්කු බදු ගෙවන්න පරක්කු

taxනිෂ්පාදන බදු නොගෙවීම නිසා මාස කිහිපයක්‌ තිස්‌සේ වසා දමා තිබූ මෙන්ඩිස් මත්පැන් සමාගමක නිෂ්පාදන කටයුතු රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත්වීමෙන් නැවත ආරම්භ කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරියෙක්‌ ප්‍රකාශ කල බව අද “දිවයින”පුවත්පත වාර්තා කොට ඇත.

රුපියල් කෝටි 50 ක පමණ නිෂ්පාදන බදු නොගෙවීම නිසා මෙම මත්පැන් නිෂ්පාදනාගාරය මාස 04 ක්‌ පමණ වසා තිබූ බවත් අදාළ ඇමැතිවරයා විසින් එම බදු මුදල් ගෙවීමෙන් පසු එහි නිෂ්පාදන කටයුතු පෙරේදා (23 දා) සිට නැවත ආරම්භ කළ බවත් එම නිලධාරියා පවසා ඇත.

මෙහි මත්පැන් බෝතල් කිරීමට සහ ලේබල් කිරීමට කාන්තාවන් යොදා ගන්නා බවත් එය සුරාබදු නීතියට පටහැනි බවත් පවසා ඇති එම නිලධාරියා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද කියා සිටියේය.

බදු නොගෙවීම නිසා නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබූ මෙම මත්පැන් සමාගමේ හිමිකරු වෙන අර්ජුන් ඇලෝෂියස් ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.