මෛත්‍රි හැරෙන්නේ කොහාටද?

maithripala-sirisenaජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට යෑම ඔහුගේ ආණ්ඩුකරණයේ දෝෂයක් ලෙස ඇතැමුන් දකින අතර තවත් පිරිසක් කියා සිටින්නේ මෙය සම්මුතිවාදයෙන් ඉවත්වීමට පසුබිම සකසා ගැනීමක් වන බවයි. මේ අතරවාරේ එක්සත් ජාතික පක්ෂයේ පබල තැනක් දරන උපාය මාර්ගයේ ශූර ,හොරෙක් නොවන අයෙක් සේ ප්‍රකට ඇමතිවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට ඉඩ තිබෙන බවත් වාර්තා වේ.

කැබිනට් රැස්වීමෙන් නැගිට යාමට පෙර ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ දීර්ඝ කථාවක් කරමින් එජාපයේ හරීන් ප්‍රනාන්දු, එස්.එම්.මරික්කාර්, නලින් බණ්ඩාර හා සුජීව සේනසිංහ වැනි ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන් කරමින් දැඩි ලෙස දෝෂාරෝපණය කොට ඇතත් මේ ප්‍රහාර මෙහෙයවන්නේ කවුදැයි ජනාධිපතිවරයා හොඳින් දන්නා බව ඔහුට සමීප ආරංචි මාර්ගයක් lankanewsline වෙත පැවසීය.

වාග් ප්‍රහාරයකට සුදානමින්

ජනාධිපතිවරයා කැසට් රෙකෝඩරයක්ද රැගෙන රැස්වීමට පැමිණ ඇත්තේ වාග් ප්‍රහාරයකට පෙර සුදානමින්ය. රවී කරුණානායක මුදල් ඇමැති ධූරයටත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයටත් පත් කිරීමේදී තමා දැඩි විරෝධය පළ කළ බව කී ජනපති සිරිසේන මහතා දැන් කියා සිටී.

ජනපති සිරිසේන මහතා ආණ්ඩුව කරගෙන යනවාද නැද්ද යන්න එජාප මැති ඇමැතිවරුන් තීරණය කළ යුතු බව කියා සිටිතත් ඔහු ඉදිරියේ ඇති එකම විකල්පය මහින්ද සමඟ එක්වීම පමණි. එහෙත් දැන් පවතින තත්වය අනුව මෙය ප්‍රයෝගික නොවේ.

පිරිසුදු පක්ෂයක්

ඒසේ නම් කළ යුත්තේ විකල්ප බලවේගයක් ලෙස දුෂණ විරෝධී හඬක් සහ පිරිසුදු පක්ෂයක් වෙනුවෙන් පෙවී සිටීමයි. පෙර කී දේශපාලන ක්‍රමෝපායේ දක්ෂ ඇමතිවරයා වැදගත් වන්නේ මෙතනදීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ජනපති කාර්යාලයට ගොස් මෙවැන්නක් ඉදිරියට ඇතිවීමට ඉඩ නොතබන බව කියමින් ජනපතිවරයා නැවත කැබිනට් රැස්වීමට කැඳවාගෙන පැමිණ ඇතැත් එය තාවකාලික පැලැස්තරයකට වැඩි යමක් නොවනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.