යාපනය සිට පැමිණි බස් රථයේ පිපිරුමක්

busදියතලාව කහගොල්ල මගී බස් රථයක පිපිරුමක් ඇති වී ඇති බවත් එහි ගමන් ගත් 16 දෙනෙක් තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

පෞද්ගලික බස් රථයක මෙම පිපිරුම සිදුවී තිබේ. යාපනය සිට බණ්ඩාරවෙලට පැමිණි මගීන් පිරිසක් බණ්ඩාරවෙල දී මෙම බස් රථයට දියතලාව බලා යාමට ගොඩ වී තිබේ. දියතලාව හරහා හෙබරව දක්වා බස්රථය ධාවනය වී තිබේ. තුවාල වී ඇත්තේ පාදවලට වන අතර පිරිමි 15 ක් ද කාන්තාවක ද මේ අතර වෙති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.