රනිල් ගෙන් බැදුම්කරය ගැන ශීතල ප්‍රතිචාරයක්

ravi-maithripala-ranilබැදුම්කරය අලි හොරකමකි. රනිල් කටයුතු කළ ආකාරය හරි මදී බව තමන්ට වාර්තා වී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය. රනිල් දැන් පිළිතුරු කථාව කොට ඇත.ඒ අනුව වරදක් සිදුව නැති බව කියා සිටිඉනේ නැත. තමන් කොළේ වැසීමට කටයුතු නොකළ බව පවසන අතර අලාභය අය කරගත හැකි බව පවසයි.

2015 දී මිස්ට ක්ලීන් යනුවෙන් හදුන්වනු ලැබූ වික්‍රමසිංහයන් දැන් කියන කථාව අනුව ඔහුට තව දුරටත් ඒ පට්ටම ඒ ආකාරයෙන්ම භාවිතා කළ හැකිද යන්න ප්‍රශ්නයකි. වංචාව සිදු නොවන ආකරයට තමන්ගේ ටීම් එක මෙහයවා ගැනීම කැප්ටන් ගේ වගකීමයි. ඒ අර්ථයෙන් ජනාධිපතිවරයාටද ගැලවිල්ලක් නැත. තමන් රවී කරුණානායක මුදල් ඇමති තනතුරට පත් කිරීම මෙන්ම අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති තනතුරට පත් කිරීමට එරෙහි වී බව කියා ගැලවීමට උත්සාහ කිරීම බොළඳ ක්‍රියාවකි.එම පත් කිරීම් වලට එරෙහි වීමට තරම් හේතු තිබුනා නම් කෙළින් තීරණයක් ගෙන ඊට එරෙහිවීම විධායක ජනාධිපතිවරයාගේ වගකීමයි. හරි හමං දේශපාලනයක් කෙරෙන තැනක නම් ‘ඔව් අපි දෙන්නා අතින් වරදක් වුනා තමයි’ කීමට මේ දෙපළම නිහතමානී විය යුතුය.

එහෙත් එසේ කළ නොහැක අපමණක් දෝෂයෙන් ගහණ මහින්ද ඇතුළු පිළ සුදු රෙද්දෙන් සියළු දුසිරිත් වසා ගෙන බලයට අත වනති. ඒ යථාර්තය තුළ රනිල් සහ මයිත්‍රී එකම ගිරයට අසුවූ පුවක් දෙකකි. විවිධ කථා කියමින් පුංචි ඡන්දය පහුවෙන තෙක් කල් ගත කළ යුතුය.

එක්සත් ජාතික පක්ෂයට ආසන්න වශයෙන් සියයට තිස් අටක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට දහ අටක් පමණ ලබා ගත හැකි වෙතොත් එතැන 56 කි ඒ අනුව දෙපිරිසටම යළිත් එක්විය හැකිය. ජනතාව යහපාලනයට ජන් වරමක් දී ඇති බව පැවසිය හැකිය.

රනිල් ගේ කථාවේ ප්‍රධාන කරුණු කීපයක්.

* බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන අපේ පක්‍ෂයේ සාමාජිකයන් ඉන්නවා නම්, ඒ අය පිළිබඳව සොයා බලා තීරණයක් ගන්නට අපි තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. කමිටු නිර්දේශය අනුව අපි ක්‍රියා මාර්ග ගන්නවා

*බලයට පත් වී ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක් නැගුණා. අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ.

*සති දෙකක් ඇතුළත විමර්ෂණ කමිටුවක් පත් කළා. විමර්ෂණ කාලය තුළ මහබැංකු අධිපති රාජකාරි කටයුතු වලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුවත් කළා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මම දැනුම් දුන්නා. විමර්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

*මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතීත්වය දැරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිත්වය විපක්‍ෂ මන්ත්‍රීවරයෙකුට දුන්නා. කමිටුව මගින් බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවාද කළා.

*මේ බැඳුම්කර නිසා පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම අයුතු ලෙස බිලියන 9.2 ක් උපයා ගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන්. මා ඇමති ධූරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලයන 12 ක මුදලක් රඳවා ගෙන තිබෙනවා. ඒ නිසා කොමිසම නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9. 2 ක නැවත ලබා ගන්න පුළුවන්. අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක් සිදු වන්නේ නෑ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.