වරුණිගේ තරු පටි ගැලවේ – කතා බොල්

waruni-bogahawaththa

වරුණි බෝගහවත්ත යනු චරිතයකි වීර පොලිස් චරිතයකි සම්මාන පිට සම්මාන ලබා ගනිමින් මාධ්‍යය තුළ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩ නගා ගනිමින් සි සිටි ඇය පසුගිය දවසක නිරුත්තර උනේ මානව හිමිකම් නඩු තීන්දුවක් ඉන් අනතුරුවය.

2012 දි අකුරැස්ස ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු ට විරුද්ධව ලිංගික අපයෝජන චෝදනා නැගීම සඳහා ප්‍රදේශයේ හිටවන කවි කීමට උපන් හැකියාවක් තිබු 14 හැවිරිදි දැරියක් අත්අඩංගුවට ගෙන ඇය ලවා බොරු සාක්කි කියවා ගැනමිට මෙම කාන්තා පොලිස් නිලධාරිනිය ගන්නා ලද නීති විරෝධී ක්‍රියා සැලකිල්ලට ගත් ්‍රේෂ්ඨාධිකරණය ඇය ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12 හා 13 යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබීය. ඒ අනුව ඇයට රුපියල් ලක්ෂයක වන්දියක් එම දැරියට ගෙවන ලෙසට ද නියම කළේය. එමෙන්ම රජයට (පොලිස්පතිට) රු 50,000 ක් ගෙවන ලෙසටද නියම කරනු ලැබිය.

වරුණි බෝගහවත්ත මාතර පොලිසියේ ළමා හා කාන්තා අංශය භාරව ක්‍රියා කරමින් මාධ්‍ය උපයෝගී කරගෙන විශාල ප්‍රසිද්ධියක් ලබාගත් තැනැත්තියකි. ඇය ප්‍රදේශයේ සම්මන්ත්‍රන අමතමින් වැදි බණ කියා ඇත.

මෙම නඩුවේ දී ඇය ආන්ජලි නම් වු දැරිය අත්අඩංගුවට ගෙන වැඩිහිටි කාන්තාවක් සමග රෑ එළිවනතුරු කන්න බොන්න නොදී සිරමැදිරිය ක රදවා තබාගෙන විවිධාකාරයේ ඇනුම් බැනුම් තර්ජන වලට ලක් කර ඇත. ප්‍රශ්න කරන මුවාවෙන් ඇය අසභ්‍ය ඡායාරූප ද පෙන්වා තිබේ. ඉන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණයකට භාජන කරවීමේ මුවාවෙන් දින අටක් පුරා මාතර රෝහලේ පොලිස් මුරකාවල් මැද තබා තිබේ.

එම තත්වයේන් ඇයව මුදවාගෙන ඇත්තේ මානව හමිකම් කොමිසම මැදිහත් විමෙන්ය.

ජනාධිපති නීතිඥ ජේ සි වැලිඅමුණ හා පුලස්ති හේවාමාන යන නීතිඥවරුන් ඇය වෙනුවෙන් පෙනී සිටිමින් මෙම නඩුව පවරා තිබුණේ 2012 වසරේදීය

මෙමස දොළොස් වැනි දින නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ අලුවිහාර, දීර්ඝව කරුණු දක්වමින් නිලධාරිනියගේ ක්‍රියාවන් දේශීය මෙන්ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවද පෙන්වා දී තිබේ.

මෙම නඩු තීන්දුවේ විශේෂත්වය වන්නේ පොලිසිය අඛණ්ඩව නීති විරෝධී කටයුතු කරන බව පෙන්වා දෙමින් ඉන් මිදිම සඳහා නීතිරීති මාලාවක් හඳුන්වා දීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.