යට කලිසමෙන් ස්ත්‍රී දුෂකයින් පරාජය කල ඇය

saftyකාන්තාවන් ලිංගික හිංසනය හා පහරදීම් වලින් ආරක්ෂා කර ගැනීම ඉලක්ක කර වෙළෙඳපොළට දිනෙන් දින නොයෙකුත් උපකරණ හදුන්වා දෙමින් පවතී. එහෙත් මෙම උපකරණවලට හිංසනයට පත්වූ කාන්තාවන්ගේ ප්‍රතිරූපය නැවත ගොඩනැගිය හැකිද?

උදෑසන පහට රැකියාව සඳහා පිටත්වන ඇලෙක්සැන්ඩ්‍රා සෙරෙනෙක් “පාළු කාර්මික ප්‍රදේශයක්” හරහා ගමන් කළ යුතුය.

ජර්මනියේ ජීවත් වන හතලිස් අට හැවිරිදි ඇය මෙසේ පැවසුවාය “මම වෙළෙඳ සහායිකාවක්. ඒක නිසා උදේ පාන්දරම වැඩ කරන්න පටන්ගන්නවා.”

“එතන මිනිසුන් දෙදෙනෙක් හිටගෙන හිටියා” යැයි එදින සිද්ධිය සිහිපත් කරමින් ඇය පැවසුවාය. ඔවුන් දෙදෙනාව පසු කර බයිසිකලයෙන් පැද යනවාත් සමග ක්ෂණිකයෙන් ක්‍රියාත්මක වූ එක් අයෙක් පිටෙහි එල්ලා තිබූ බෑගයෙන් ඇද ඇයව බිම හොවා ඇත.

ඊළඟ මොහොතේ ලිංගික ප්‍රහාරයකට ලක් වේ යැයි බියෙන් සිටි ඇය “ලණුව අදින්න ඇලෙක්ස්! ඔයා ඉක්මනට ලණුව අදින්නම ඕනෙ!” යැයි තමන්ටම කියාගත්තාය.

වෙඩි නොවදින රෙදි වර්ගයකින් සාදන ලද කැපුම් ප්‍රතිරෝධී රැහැන් දෙකක් මගින් සක්‍රීය වන ධ්වනියක් ජනිත කරන කොට යට කලිසමක් ඇය එම අවස්ථාවේ ඇඳ සිටියාය.

මගේ හදවතේ ගැස්ම වේගවත් වුණා. හැබැයි කොහොමහරි මම ලණුව ඇදලා අනතුරු ඇගවීමේ නලාව ශබ්ද කළා. ඒ සද්දේ කොයිතරම් වැඩිද කියනවනම්, අර පුද්ගලයන් දෙදෙනාම එතැනින් පලා ගියා.”

යම් කෙනෙකුගේ ඇඟලුම් බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන විට මෙම ආරක්ෂිත කලිසම්වල සවිකර ඇති අගුල සහ අනතුරු ඇඟවීමේ නලාව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ.

තම පෞද්ගලික අත්දැකීමක් මුල් කරගෙන මෙම ආරක්‍ෂිත කොට කලිසම් (Safe Shorts) වර්ගය නිෂ්පාදනය කිරීමට පෙළඹුණු බව මෙම නව නිර්මාණයේ හිමිකාරියවන සැන්ඩ්‍රා සීල්ස් පැවසුවාය.

දිනක් ව්‍යායාම අවසන් කර ආපසු යමින් සිටින අතරතුර පුද්ගලයන් තිදෙනෙක් ඇය පසුපස පැමිණියහ. ඉන් එක් අයෙකු ඇයව එකවරම බිමට තල්ලු කර අල්ලා ගත් අතර අනෙක් පුද්ගලයා ඇයගේ කලිසම ඉවත් කිරීමට වෙර දරා ඇත.

“තුන්වෙනි කෙනාගේ අරමුණ කුමක්ද කියා ඔබට සිතා ගන්න පුළුවන්” යැයි සීල්ස් පැවසුවාය.

“ඒත් මම වාසනාවන්තයි, සිද්ධිය දුටු කෙනෙක් ඔහුගේ බල්ලා ඔවුන් දෙසට අතහැර දැමූ විට අර පුද්ගයන් තුන්දෙනා පලා ගියා.”

ලොව වටා සිටින බොහෝ කාන්තාවන් මෙවැනි සිද්ධිවලට මුහුණ දීම හේතුවෙන්, එවන් අඩම්තේට්ටම් වලින් ආරක්ෂා වීම සදහා පෞද්ගලිකව පරිහරණය කළ හැකි උපකරණ නිර්මාණය කිරීමට බොහෝ සමාගම් උත්සුක වෙමින් සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.