ස්වාමියාට නොබෙල් ත්‍යාගය හිමිවීම, ලියු සියා ට කොඩිවිණයක් !

ජීවත්වෙනවාට වඩා මැරෙන එක හොදයි යනුවෙන් චීනයේ හිර අඩස්සියේ පසුවන නොබෙල් සාම ත්‍යාගලාභී ලියු සියාබෝගේ භාර්යාව ලියු සියා පවසන්නීය.

ඇය ඇගේ මිතුරු ලේකඛයෙකු වන ජර්මනියේ පදිංචි ලියාඕට වරෙක පවසා තිබුනේ ‘ මට කණගාටුවෙන්න දෙයක් නෑ. ජීවත්වෙන්න බැරිනම් මම මගේ ගෙදරදිම මැරෙනවා. සියාබෝ ගියා. දැන් මට මේ ලෝකෙ කිසිම දෙයක් නෑ යනුවෙනි

විදේශ රටවල් විසින් ඇයට රටින් පිටව යාමට අවසර දෙන ලෙස චීන රජයෙන් ඉල්ලා සිටියත් ඒ පිළිබඳව බලධාරීන් කිසිදු ඉඩක් ලබා දී  නැත.

චීනයේ නොබෙල් ත්‍යාගලාභී ලියු සියාබෝ ගේ භාර්යාව වන 57 හැවිරිදි ලියු සියා 2010 වසරේ සිට නිවාස අඩස්සියේ තැබීමට එරට බලධාරීන් කටයුතු කරනු ලැබුවේ සිය ස්වාමිපුරුෂයාට නොබෙල් ත්‍යාගය පිරිනැමීමෙන් අනතුරුවයි. ඒ තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට ඉදිරිපත් වීම අවහිර කිරීම පිණිසයි. නමුත් ඇයට එරෙහිව මේ වන තෙක් කිසිදු චෝදනාවක් ගොනු කර නොමැත.

දීර්ඝ කාලයක් පරීක්ෂණ කිරීම හේතුවෙන් ලියු සියා කිවිදිය මානසික පීඩනයට මුහුණ පා සිටී. ඇගේ යහළුවන් සහ නීතිඥයන් විශ්වාස කරනු ලබන්නේ ඇය හුදකලාව හිර අඩස්සියේ තැබූ නිසා මෙසේ සිදුවන්නට ඇති බවයි. ඇය මුණ ගැසීම මාධ්‍යවේදීන්ට පවා අවහිර කර තිබේ.

ලියු සියාබෝ යනු චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පෙරමුණ ගත් ක්‍රියාකාරිකයෙකු වන අතර දැඩි ලෙස චීන රජය විවේචනය කළ අයෙකි. ‘විප්ලවය’වෙනුවෙන් ලියු සියාබෝ වසර 11 ක සිර දඩුමක් විදිමින් සිටියදී පසුගිය වසරේ මිය ගියේ 61 වන වියේදීය.

ස්වාමිපුරුෂයා මිය යාමත් සමගම ඇය කෙරේ ඇති ලෝකයාගේ උනන්දුව තව තවත් වැඩි වන්නට විය.

1938 දී නාසි ජර්මනියේ සිර අඩස්සියේ පසුවූ නොබෙල් ත්‍යාගලාභී කාල් ෆොන් ඔසිස්ට්කි මිය යාමෙන් අනතුරුව වයස 61 ක් වූ ලියු සියාබෝ සිර අඩස්සියේ පසුවෙද්දී මිය ගිය පළමුවෙනියාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.