උතුරු කොරියානු නායක කිම් ගේ නංගි දකුණට

kimඋතුරු කොරියානු නායක කිම් ජොන්ග් – අන් ගේ සොයුරිය දකුණු කොරියාවේ ප්යෝන්ග්චැන්ග් හි සිකුරාදා (පෙබ. 9) ඇරඹෙන ශිශිර ඔලිම්පික් තරගාවලියට එක්වන බව සෝල් හි සිටින ඇමතිවරු පවසති.

ශ්‍රමිකයින්ගේ පක්ෂයේ (Workers’ Party ) ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක සිට පසුගිය වසරේදී දේශපාලන මණ්ඩලයට උසස්වීම් ලද කිම් යෝ-ජොන්ග්, දේශසීමාව හරහා දකුණට යන කිම් පවුලේ පළමු සමීපතම සාමාජිකයා වේ.

ශිශිර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලේදී කොරියානු දේශයන් දෙක එක ම ධජයක් යටතේ ගමන් ගනු ඇත.

උතුරු කොරියාවේ මෙම සහභාගීත්වය දෙපාර්ශවයේ සබඳතාව මෘදු කරන්නක් ලෙස දැකිය හැකිය.

උතුරු කොරියාව සහ ‘කිම්’ පවුල පිළිබඳ මේ කරුණු දැන සිටියාද?
කෙසේවෙතත්, අමෙරිකාවේ, ජපානයේ මෙන්ම අනෙකුත් පාර්ශ්ව මෙම තත්ත්වය දකින්නේ උතුරු කොරියාව ‘ප්‍රචාරණ වැඩපිළිවෙලක්’ උදෙසා ක්‍රීඩා උළෙල යොදාගන්නා ආකාරයකි.

කිම් යෝ-ජොන්ග්

1987 වසරේ උපත ලබන්නට ඇතැයි විශ්වාස කෙරෙන ඇය නැසී ගිය නායක කිම් ජොන්ග්-ඉල් ගේ බාල ම දියණිය මෙන්ම එරට වත්මන් නායක කිම් ජොන්ග්-අන් ගේ ම සොයුරිය වන්නීය. සිය සොයුරාට වඩා වසර හතරක් පමණ බාල වූ ඇය ඔහුට වඩාත් සමීප බව කියැවේ.

ඇය, චෝ ර්යොන්ග්-හේ නම් වූ පක්ෂයේ බලසම්පන්න ලේකම්වරයාගේ පුතු සමග විවාහ වී සිටින්නේ යැයි වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.